Total Pageviews

Powered By Blogger

Tuesday, August 25, 2009

නූතන ථෙරි ගී



මිදුනෙමි

 මායාවේ රැහැනින් ඉතින්
ඉඩ නොදෙන්නෙමි කිසිවෙකුටත්
දැලට අසු කරගන්නට මා යලිත්
'මකුළුවා දැල වියා රැක සිටී'
වෙබ් අවකාශයේ
නිරන්තර ඇරියුම් එවමින්
මා පමණක් නොව
මගේ යෙහෙලියන්වද
දඩයම් කරන අටියෙන්

මා මලක් මෙන්
මොළොක් සිත් ඇති
ළඳක් වූයෙමි
සියලු කල්
මලක් වන් සිත
ගලක් කළෙහිය
ප්රේමයේ රුදු වන සපුන්



දෙඩූ මියුරස වදන් විස කටු
ලෙසින් හදවත ඇනෙයි නිරතුරු
ලියූ කවි ගී නිදි වරා ගෙන
කොනිත්තයි හදවත සියුම් තැන්

අහම්බෙන් ආ අකුණු සැර සේ
ස්වප්නෙකින් දහවල මිදුණු සේ
ඇස පහළ විණි
නැණ පහල විණි
අවිද්යාවෙන් විද්යාව
පසක් කර ගත්තෙමි

"මිදුණා, මිදුණා
රැහැණින් මිදුණා
ප්රෙමය නම් වූ මායාවෙන්
මිදුණා, මිදුණා
ඔහුගෙන් මිදුණා
අසත්යයම සත්යය කර දැක් වූ
ප්රේම චෞරයාගෙන් මිදුණා"

2 comments:

  1. ඔව් මේ සයිබරය මතුපිටින් නිහඩ බව පෙන්වන ගොළු මුහුදක්. ප්‍රේම වයිකිංවරැන්ගේ සැණකෙලි භූමියක්.

    ReplyDelete
  2. thanks for the comment. most of the people misuse all new technologies and abuse them. that is the sad peart of this.

    ReplyDelete