පහදා දෙන්න සරලව
අලුත් පැවැත්මේ සූත්‍රයක්
සාත්‍රේ ගේ සූත්‍ර
ව්‍යාකූල කෙළෙන්
මස්තීෂ්ක සෛල
ගැට ගසා ස්නායු අන්තවලට.
නිර්වින්දනය වී ඇත
චෛතසික දෙපණසම.
ජවන් සිත් ඉපිද නැසෙයි
නැසි, නැසී ඉපදෙයි
එහෙත් පැවැත්මේ සූත්‍රයක් නැතිව
පවතින්නේ කෙළෙස?
Saturday, August 28, 2010
Thursday, August 26, 2010
පතල් කරුවාගෙ බිරිඳගේ කවි
වංගුවෙන් ඇදුණාය බස් එක කලුවරට
පංගු පේරුවටද නාවේ ම'ඇත් රජ
ඩෙංගු මදුරුවොත් තලමින් රඟන වට
උංගු කෙලී වැළපෙන හැටි පෙනෙනවද
පොලුත් තෙලුත් නැතුවා උයනට රසට
දෙලුත් තැම්බුවා ලුණු ඉහගෙන කන්ට
අළුත් මාළු කොයි ඇඹුලට හින්දන්ට
සිලුත් බිඳෙනවා අග හිග කම් වලට
පාළොස්වකට සිල් ගත්තා බඩගින්න
හීලත්, දවල් දන් දුන් අය නිවන් දකී
හතර පෝයටම ඇත්නම් අට සීලේ
ගෙදර අපායෙන් මං ගැලවෙනවාමයි
පතල් කවි නොකියා එෆ්.එම්. අහන හිමී
කරවල, රට හාල් අර ගෙන එන්න හොඳයි
මඩේ එරෙන පා යුග, දෑතේ කූඩේ
ගරන මැණික් සැප දෙන්නේ කා හටද?
පංගු පේරුවටද නාවේ ම'ඇත් රජ
ඩෙංගු මදුරුවොත් තලමින් රඟන වට
උංගු කෙලී වැළපෙන හැටි පෙනෙනවද
පොලුත් තෙලුත් නැතුවා උයනට රසට
දෙලුත් තැම්බුවා ලුණු ඉහගෙන කන්ට
අළුත් මාළු කොයි ඇඹුලට හින්දන්ට
සිලුත් බිඳෙනවා අග හිග කම් වලට
පාළොස්වකට සිල් ගත්තා බඩගින්න
හීලත්, දවල් දන් දුන් අය නිවන් දකී
හතර පෝයටම ඇත්නම් අට සීලේ
ගෙදර අපායෙන් මං ගැලවෙනවාමයි
පතල් කවි නොකියා එෆ්.එම්. අහන හිමී
කරවල, රට හාල් අර ගෙන එන්න හොඳයි
මඩේ එරෙන පා යුග, දෑතේ කූඩේ
ගරන මැණික් සැප දෙන්නේ කා හටද?
Wednesday, August 18, 2010
ජීවිතය දෙකඩ කළෙමි
මම ජීවිතය දෙකඩ කළෙමි
එක කොටසක්
බීමත්ව
චණ්ඩ මාරුතය තුළ
ඔබ සමග පිළිසඳරෙක.
අනෙක
ඔබ මා දෙපයට
ඇණ ගසූ තැන.
මගේ ආශාව
එක අඩක් ඔබ සමග
තබන්නටය
එය ශත වර්ෂ ගණනාවක සිට
සිත කරන ආයාචනයෙකි …..
එම කොටස
මම නිදහස් කර ගත්තෙමි
සෝපානය දිගේ
උඩට ඇදෙන මා සිරුර
දෝලනය වෙයි දෙපසට
නිදි වර්ජිත රාත්රීමන්……
ඔබේ දෑස් තුළද
එම විඩාව තිබිය යුතුමය
සුවඳින් වටලනු ලදුව
මගේ ඇස්
පියාගන්නට අමතකව
මත් වූ අවදිය….
නිසල දියෙහි දෛවය
නිද්රෝිපගත වූ විට
වෙන්වීමේ තත්පර සමග
මට ඔබේ පහස අමතක වෙයි
සුසුම්
මිහිදන්ව
අසහනයේ හිරිහැරය යට
අප අතර පරතරයන්
දුරස්ව
පාරායණ ශත වර්ෂයන්ව
දෝලනය වෙයි
මගේ පණිවිඩ කරුවාගේ
දෑතෙහි
මා සිරුර පැටලී
කටු අකුලෙක,
මගේ අත් තුවාල කරගනිමින්
වර්ෂ ගණනාවක විඩාව ඉවසා
මා නිමැවූ ඔරුව
උගුලක හසු වී
අනුකම්පා විරහිත
රළ රැලි පහරට පෙරැලෙමින්
ඇදෙන්නේ කුමන උමගක් ඔස්සේද
පෘථිවියෙන් ඔබ්බට?
මගේ දෑතට
ශක්තිය ලැබුණාදෙන්
දිය පහර තවත් වරක්
ගමන් මග වෙනස් කළා දෙන්
එසඳ මට
මුහුණ දිය හැකිවනු ඇත
දවසේ ප්රභාශ්වර රැස් වළල්ලට
ඔබ මට
මුල්ම ප්රතිඥාව දුන්
අස්‍රා අබ්බාස්-පකිස්තානය
එක කොටසක්
බීමත්ව
චණ්ඩ මාරුතය තුළ
ඔබ සමග පිළිසඳරෙක.
අනෙක
ඔබ මා දෙපයට
ඇණ ගසූ තැන.
මගේ ආශාව
එක අඩක් ඔබ සමග
තබන්නටය
එය ශත වර්ෂ ගණනාවක සිට
සිත කරන ආයාචනයෙකි …..
එම කොටස
මම නිදහස් කර ගත්තෙමි
සෝපානය දිගේ
උඩට ඇදෙන මා සිරුර
දෝලනය වෙයි දෙපසට
නිදි වර්ජිත රාත්රීමන්……
ඔබේ දෑස් තුළද
එම විඩාව තිබිය යුතුමය
සුවඳින් වටලනු ලදුව
මගේ ඇස්
පියාගන්නට අමතකව
මත් වූ අවදිය….
නිසල දියෙහි දෛවය
නිද්රෝිපගත වූ විට
වෙන්වීමේ තත්පර සමග
මට ඔබේ පහස අමතක වෙයි
සුසුම්
මිහිදන්ව
අසහනයේ හිරිහැරය යට
අප අතර පරතරයන්
දුරස්ව
පාරායණ ශත වර්ෂයන්ව
දෝලනය වෙයි
මගේ පණිවිඩ කරුවාගේ
දෑතෙහි
මා සිරුර පැටලී
කටු අකුලෙක,
මගේ අත් තුවාල කරගනිමින්
වර්ෂ ගණනාවක විඩාව ඉවසා
මා නිමැවූ ඔරුව
උගුලක හසු වී
අනුකම්පා විරහිත
රළ රැලි පහරට පෙරැලෙමින්
ඇදෙන්නේ කුමන උමගක් ඔස්සේද
පෘථිවියෙන් ඔබ්බට?
මගේ දෑතට
ශක්තිය ලැබුණාදෙන්
දිය පහර තවත් වරක්
ගමන් මග වෙනස් කළා දෙන්
එසඳ මට
මුහුණ දිය හැකිවනු ඇත
දවසේ ප්රභාශ්වර රැස් වළල්ලට
ඔබ මට
මුල්ම ප්රතිඥාව දුන්
අස්‍රා අබ්බාස්-පකිස්තානය
Tuesday, August 17, 2010
අනේ! මට විඩාවයි
ඔබ මගෙන් කොතෙක් නම්
ප්‍රශ්න විමසා ඇත්ද?
මමත් පිළිතුරු දුනිමි
හැමෙකටම
කෙළවරක් නැති ප්‍රශ්න...
නොඅසන්න යලි මගෙන්
අහස සේ ආදරේ දැයි කියා
තරු ලෙසින් නොමිණියැකිදෝ කියා
සයුර සේ අනන්තයි දෝ කියා
අනේ! මට විඩාවයි, මේ දිවිය
ක්ලාන්තයි...ක්ෂුධාවයි
ආදරය යන දෙයින් ඔබ්බට
යමක් නැතිදෝ අනේ හැබෑටම?
ප්‍රශ්න විමසා ඇත්ද?
මමත් පිළිතුරු දුනිමි
හැමෙකටම
කෙළවරක් නැති ප්‍රශ්න...
නොඅසන්න යලි මගෙන්
අහස සේ ආදරේ දැයි කියා
තරු ලෙසින් නොමිණියැකිදෝ කියා
සයුර සේ අනන්තයි දෝ කියා
අනේ! මට විඩාවයි, මේ දිවිය
ක්ලාන්තයි...ක්ෂුධාවයි
ආදරය යන දෙයින් ඔබ්බට
යමක් නැතිදෝ අනේ හැබෑටම?
සිර දඬුවම
සිය පෙම්වතා සිප ගත් වරදට
චෝදනා එල්ල වූ ඇයට
තුන් මසක සිර දඬුවමක් නියම විණි
බරපතල වැඩ සහිත
දුරාචාරයේ යෙදෙමින්
උල්ලංඝණය කළාට
දණ්ඩ නීති සංග්‍රහය
එතුන් මස ගෙව්වා ඇය
බරපතල වැඩ සහිතවම ....
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්
ඇගේ ගර්භාෂයට
ශුක්‍රාණු හැලුවා
පාහරයන්
හැම ජාතියකම
ඉතින් ......
බරපතල වැඩ සහිත
සිර දඬුවමේ,
එතුන් මස ගෙවුණු පසු
ඇයව බලහත්කාරයෙන්
ගෞරවණීය ජීවිතයකට
යොමු කළාහුය,
ශුද්ධවන්තයෝ.
රඳවා ඇයව
පුරවරෙක නාඳුනන
ඇයත් සෙව්වා
රැකවරණය .....
එම පුරවරද
අඩුවක් නැතිවම
ප්‍රදානය කළා, ඇයට
ගෞරවනීය පුරවැසිභාවය!
අස්‍රා අබ්බාස් - පකිස්තානය
පරිවර්තනය - පුෂ්පා රම්ලනී
චෝදනා එල්ල වූ ඇයට
තුන් මසක සිර දඬුවමක් නියම විණි
බරපතල වැඩ සහිත
දුරාචාරයේ යෙදෙමින්
උල්ලංඝණය කළාට
දණ්ඩ නීති සංග්‍රහය
එතුන් මස ගෙව්වා ඇය
බරපතල වැඩ සහිතවම ....
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්
ඇගේ ගර්භාෂයට
ශුක්‍රාණු හැලුවා
පාහරයන්
හැම ජාතියකම
ඉතින් ......
බරපතල වැඩ සහිත
සිර දඬුවමේ,
එතුන් මස ගෙවුණු පසු
ඇයව බලහත්කාරයෙන්
ගෞරවණීය ජීවිතයකට
යොමු කළාහුය,
ශුද්ධවන්තයෝ.
රඳවා ඇයව
පුරවරෙක නාඳුනන
ඇයත් සෙව්වා
රැකවරණය .....
එම පුරවරද
අඩුවක් නැතිවම
ප්‍රදානය කළා, ඇයට
ගෞරවනීය පුරවැසිභාවය!
අස්‍රා අබ්බාස් - පකිස්තානය
පරිවර්තනය - පුෂ්පා රම්ලනී
Sunday, August 8, 2010
සහජීවනය බිඳී
යුද්ධය, සුනාමිය....
පමණක්ද?
අසංවිධිත සංවර්ධනය
උදුරා ගත්තා නොවෙද
නුඹලාගේ
නිශ්චල මෙන්ම චංචල
දේපලද?
පාලකයන් පිරිසක්
ස්වර්ණ භූමියට
ඔප්පු ප්‍රදානය කොට
සිව් සියක් දිග අණ බෙර ගසා
ලියා දුන් භූමියම
තවත් රජුන් පිරිසක්
වෙන් කළෝ
අභය භූමි ලෙස
තවත් කලෙකට පසුව
එම බිම්ම
සංචාරක පුරවර ලෙස
නම් කළා
ජනතාවට
යන එන මං අහිමි කොට
වනයෙන් අල්ලා
රැක බලාගත්
අලි ඇතුන් අනාථාගාර වල
පටවා පත ලොරියකට
දක්කන් ගිහින් හැළුවා
වනයක් දුටු සැණින
මිනිස් වාසයට ඔබ්බෙන්ම
ඉතින්....
කිරි පොවා, හදා වැඩූ
වන සපුන්
මිනිස් සුවඳට,
සෙනෙහසට ඉව කරමින්
නුපුරුදු වන වාසය
නොඉවසමින්
ඇදේ කිරි සොයමින්
මිනිස් වාසයන් වෙත
හොඬවැල් දමයි
පැල්පත් කවුලුවෙන්
බියපත්ව මිනිසුන්
පත්තු කර අලි වෙඩි
රතිඤ්ඤා, අලි ඩොන්, ගිනිහුළු....
අලි මිනිස් සහජීවනය බිඳී
අවුලක අනේ! දෙපාර්ශවයම
රජුන් හට අවුලක් නැත
පවුල් සුවසේම හිඳිනා නිසා
අනේ! රට වනසන
අසංවිධිත සංවර්ධනය
තේරුම් ගනු මැනවි,
මහ රජානෙනි!
අනවසර පදිංචි කරුවන් නම්
නොවේමැයි, ඔවුන්...
රටේ පුර වැසියන්ම මිස.
Tuesday, August 3, 2010
පීඩිතයාගේ සුසුම
උස්තාද් කලි උල්ලාහ් කලීලි - ඇෆ්ගනිස්තානය
ඔවුහූ මනුෂ්‍යත්වය
ඝාතනය කර දමා
එය දේශපාලනය යයි නම් කළහ.
පල් වෙච්ච මුද්‍රික ඵල
'වයින්' ලෙස හැඳින් වූහ.
මිනිසුන් තුළ වූ යහපත් වේශය
විනාශ කළහ..
එයයි, නියම දක්ෂතාවය!
මගේ හදවත, හැම විටම
මගේ ශක්තිය හා සහයෝගයම විය.
මේ ලොවේ පැවැත්මට
එයම නිරිඳුන් විය, මට.
මගේ වික්ෂිප්ත භාවයට
හේතු සොයන කල්හී
සාක්ෂියට
කැඳවමි...දෙවියන්.
හදවතට මම කෘතඥ වෙමි.
උසස්ම සතුට
සහෘදයන්ගේ සමාහමයි
මරණයේ කලකණ්ණිකම
ඔවුන්ගෙන් අප වෙන් කරයි
අප, දුහුවිල්ලේ එක් වූ
කාලයේ සිට
ජීවිතයත්, මරණයත්
එකක්ම විය අපට, කිසිම වෙනසක් නැති
අහා! ජීවිතය යනු
හුස්ම සහ වේදනාව මිස
වෙන අන් කවරක්ද?
හදවතක්, වද හිංසනයක්,
කඳුලු පිරුණු ඇසක්....!
දවසින් දවස නොවරදවාම
විඳ දරා ගැනීම, මානසික ආතතිය හෝ
තවත් කෙනෙකුගෙ
යකඩ සපත්තුවකට
චප්ප වෙනවා මිසක
අපේක්ෂා බිඳුණු කෙනෙකුට
සතුට හෝ දුක
දැනෙන්නේ කෙලෙසද?
මරණයෙහි තිත්ත හෝ පැණි රසක් නැත
ස්වාධීනත්වය අරා සිටින ඔටුවා
මඩ ගොහොරුවක එරුණු විට
අපගේ ඉලක්කය
දුරද, ලඟද කියා සිතීම
වැඩකට නැති සිතුවිල්ලකි.
එක ලේ බිඳුවක්
පොළවට වැටුණු කල්හී
ස්වර්ගයේ මුදුවේ
වටිනා මැනිකක් ගිළිහෙයි.
ප්‍රවේශම් වන්න!
කෲර පාලකයිනි,
මානසික පීඩාවෙන් හෙම්බත් වුණු
අනාථයෙකුගේ සුසුමක්
විනාශ කරනු ඇත,
ඔබගේ සර්වබලධාරී ඔටුන්න!ඝාතනය කර දමා
එය දේශපාලනය යයි නම් කළහ.
පල් වෙච්ච මුද්‍රික ඵල
'වයින්' ලෙස හැඳින් වූහ.
මිනිසුන් තුළ වූ යහපත් වේශය
විනාශ කළහ..
එයයි, නියම දක්ෂතාවය!
මගේ හදවත, හැම විටම
මගේ ශක්තිය හා සහයෝගයම විය.
මේ ලොවේ පැවැත්මට
එයම නිරිඳුන් විය, මට.
මගේ වික්ෂිප්ත භාවයට
හේතු සොයන කල්හී
සාක්ෂියට
කැඳවමි...දෙවියන්.
හදවතට මම කෘතඥ වෙමි.
උසස්ම සතුට
සහෘදයන්ගේ සමාහමයි
මරණයේ කලකණ්ණිකම
ඔවුන්ගෙන් අප වෙන් කරයි
අප, දුහුවිල්ලේ එක් වූ
කාලයේ සිට
ජීවිතයත්, මරණයත්
එකක්ම විය අපට, කිසිම වෙනසක් නැති
අහා! ජීවිතය යනු
හුස්ම සහ වේදනාව මිස
වෙන අන් කවරක්ද?
හදවතක්, වද හිංසනයක්,
කඳුලු පිරුණු ඇසක්....!
දවසින් දවස නොවරදවාම
විඳ දරා ගැනීම, මානසික ආතතිය හෝ
තවත් කෙනෙකුගෙ
යකඩ සපත්තුවකට
චප්ප වෙනවා මිසක
අපේක්ෂා බිඳුණු කෙනෙකුට
සතුට හෝ දුක
දැනෙන්නේ කෙලෙසද?
මරණයෙහි තිත්ත හෝ පැණි රසක් නැත
ස්වාධීනත්වය අරා සිටින ඔටුවා
මඩ ගොහොරුවක එරුණු විට
අපගේ ඉලක්කය
දුරද, ලඟද කියා සිතීම
වැඩකට නැති සිතුවිල්ලකි.
එක ලේ බිඳුවක්
පොළවට වැටුණු කල්හී
ස්වර්ගයේ මුදුවේ
වටිනා මැනිකක් ගිළිහෙයි.
ප්‍රවේශම් වන්න!
කෲර පාලකයිනි,
මානසික පීඩාවෙන් හෙම්බත් වුණු
අනාථයෙකුගේ සුසුමක්
විනාශ කරනු ඇත,
පරිවර්තනය- පුෂ්පා රම්ලනී
Monday, August 2, 2010
කල්ලඩි පාලම
ඉරගල කලපුවට වැටුණා
බලා ඉද්දීම
කල්ලඩි පාලම දිහාම
ඇස් තියාන
බලා හිටියා
...ගී කියන මසුන්
රිදී ඉරි වගෙ
උඩ පනින කල්
ආවේම නැහැ
රෑ මැදියම වන තුරුත්
යුද හඬට බයේ
උන් ඇතටම
පීනල යන්න ඇති
යුද්ධය ඉවර බව
ගී කියන මසුන්ට
දන්වලා අරින්න
කාට හරි පුළුවන්ද?
Subscribe to:
Posts (Atom)