Total Pageviews

Powered By Blogger

Monday, June 4, 2018

අපූරුය අපේ පෙම









අපි කලෙක පෙම්වත්තු වී හුණිමු
මමත් මිත්තණියක්ව අද දවස
ඔහුත් මුත්තණුවෙක්ව අද දවස
අපූරුය අපේ පෙම
උපන් දින ත්‍යාගයක් ඔහු මහට දී නොමැත
උපන් දින ත්‍යාගයක් මා ඔහුට දී නොමැත
මෙතෙක් අද වන තුරා
නොදන්නෙමු උපන් දින
නොඇසුවෙමු උපන් දින

ගව් ගණන් දුර දෙපස විසූ අප
හමු වූයේ බොහෝ ඉඳ හිටලාය
රේල් පාරවල් මත ඇවිද ගොස්
නිවන්නට ගත විඩා
ඇදෙන්නේ දේව මැදුරක් වෙතය
බංකුවක වාඩි වී දණ ගසා ගෙන විටෙක
යාතිකා කරන සේ හෙමින් මුමුණමු රහස්
ලියන්නේ නමුදු මාගල් ලෙසින් හසුන් පත්
කියන්නත් බොහෝ දෑ විය අපට
මෙසේ හමු වූ විටදි
අපි කැමති ගීත වල වෙළෙන්නෙමු, විඳින්නෙමු
තව විටෙක ඔහු මගේ අත්ල ගෙන
එමත රස කුරුටු ගීයක් ලියයි
පිළිතුරක් ගෙතෙන්නේ ඔහු සුමුදු අත්ලේය
දෑස් දෙස බලා ගෙන වරු ගණන් හිඳිමු අපි
සිනහ සෙමු, විරිත්තමු තරඟයට
ඇත්තෙන්ම එය සොඳුරු ප්‍රේමයකි
රස විඳිය හැකි අදත් සුන්දරව . . . .!

අනිත්‍යය නිමිති අපි

.




චෝදනා කළ නොහැක අතැර ගිය සෝදුකට

සැබවින්ම සෝකයක් දැණුනෙ නැහැ මා සිතට
ඔබ මගේ වත් නොවේ, මා ඔබේවත් නොවේ
ඉදින් කුමකට තැවුල් ගන්නෙම්ද?
විරහ කවි පබඳින්නෙ කුමකටද?

මහට මම අහිමි වූ ලෝකයේ
ඔබට ඔබ අහිමි වූ ලෝකයේ
ආපෝද, තේජෝද, වායෝද, පඨවියෙන්
සැදුම් ලද අනිත්‍යය නිමිති අපි.