Total Pageviews

Powered By Blogger

Thursday, November 5, 2015

දරුවෙකු කුසින් නොවැදුවට
සිරියාවක් නැහැයි කියන්නේ ඇයි?
මුලිච්චි වෙන්නත් අසුබලු
උදේ පාන්දර 
මෙහෙමත් කයි කතන්දර

කවුරුද වඳ කියලා
අපි දන්න නමුත් සහසුද්දෙන්
නිග්‍රහය මට විතරමයි
මං පත්තිනි අම්මෙක් බව 
දන්නෙත් එයා විතරමයි

ස්වාමි භක්තියයි
අවමන් විඳීමයි
එකම බර, තරාදියෙ දෙපස






දරුවෙකු කුසින් නොවැදුවට
සිරියාවක් නැහැයි කියන්නේ ඇයි?
මුලිච්චි වෙන්නත් අසුබලු
උදේ පාන්දර 
මෙහෙමත් කයි කතන්දර

කවුරුද වඳ කියලා
අපි දන්න නමුත් සහසුද්දෙන්
නිග්‍රහය මට විතරමයි
මං පත්තිනි අම්මෙක් බව 
දන්නෙත් එයා විතරමයි

ස්වාමි භක්තියයි
අවමන් විඳීමයි
එකම බර, තරාදියෙ දෙපස






අම්මලා



නුඹේ සිත දුක දැනී
රබර් තුරු කඳුළු දියවර සලයි
එම කඳුළු බිඳෙන් බිඳ
තුරින් තුර සක්මනින් එකතුකර
පණම් හතරක් සොයයි
අපේ කුස ගිනි නිවෙයි

නුඹට බැඳි ආදරෙන්
තේ යාය පීදිලා ළා කොළට
ගොසින් පඳුරෙන් පඳුර
ළා කැකුළු නෙලා ගෙන පොදි බඳියි
කිලෝ ගණනට කිරයි
නුඹෙ ශ්‍රමය අලෙවි වෙයි
අප වේල පිරිමැසෙයි

ගල් කොරියෙ ගල් බෝර පත්තුවේ
නුඹෙ අතින් පුංචියට ගල් තැලෙයි
අත් වැසුම්, මුව වැසුම්
ඇහැට වත් දැක් නැතත්
කැස්ස, ගත රුජාවන් අඩු නොමැත
නුඹ නිසා අපෙ ගෙදර බත ඉදෙයි

ඉණක් මඩවතුරෙ බැස
පෙඟුණු පොල් ලෙලි ගෙනැත්
ලෙලි තලයි, වෙර දමා
මුළු ගතේ
වියෙන ලණු රෝල් වෙයි
කොසු, මුහුන් සකස් වෙයි
නුඹෙ අතම අපට බත
සරි කරයි

Friday, April 3, 2015

සිසිල් පැන් ඉසිනු මැන!





දැමුණු සිත් යහපත්ය
අකුසලෙහි නොම ඇලෙති
සන්සුන්ය තිදොරින්ම
ඉරියව්ද තැන්පත්ය

ලද දෙයින් තුටු වෙත්ය
අනුන් දෙය ලොල් නොවෙත්
කයින්, මනසින්, සිතින්
තුන්දොරම සංවරය

අනුන් දොස් නොදකිත්ය
අනුන් ගුණ පසසත්ය
බ්‍රහ්ම විහරණ සතර
නිතින් සිත සපිරෙත්ය

මුසා, කේලම්, පරුෂ,
හිස් වචන නොදොඩත්ය
වචනයෙන් වන පවින්
නිරතුරුව වැළකෙත්ය

කයින් වන් අකුසල්ද
කිසිවිටෙක නොකරත්ය
සිතින් වන පව් කිසිත්
සිහිනෙනුත් නොම වෙත්ය

එවන් වූ ජීවිතය
තමන්ටද අනුන්ටද
මහත් වූ සිසිලක්ය
කුසල් පිරි පැන් තොටකි

ඔබත් පැන් තොටක් වී
ගිනියම්ව ඇවිලෙනා
හාත්පස ලෝකයට
සිසිල් පැන් ඉසිනු මැන! 




Tuesday, March 17, 2015

රාග, තාලද බිඳී



















සුන්දරයි කියා සිතු වසන්තය ගිනියම්ව
මන්ද මාරුතය ලෙස එවන්නේ සැඩ සුළඟ
අන්ධ වී සෙනෙහසින් බැඳි සිහින මන්දිරය
කන්ද පාමුල වැටී බිඳී සුණු විසුණු වී

කොවුල් ගායනය අතු අග මියුරු සර නැගූ
අවුල් වී ස්වර සිඳී රාග, තාලද බිඳී 
හවුල් ගායනා නැතිව ගයන්නේ ඒකලව
තැවුල් ස්වරය පමණි නැගෙන්නේ සීතලව

පෙති හකුළුවා දුකින් මල් ගොමුද මුකුළිතව
ඉතිර යන කඳුළු ගෙන පිනි විලස තවරගෙන
සිතිජයේ මැකෙන හිරු හට අයැද සිටින්නේ
පැතිර යන අඳුර තව පමා කරවන්නටද?

පුෂ්පා රම්ලනි