Total Pageviews

Powered By Blogger

Friday, February 26, 2016

හිත තලා ගන්නෙපා





පෙම්වතිය මග බලන් ඇති තවම
නිකටෙ රඳවා දෑත ලතැවුලෙන්
එනතුරා අසු පිටින් කුමරාන 
රතු රෝස මල් කැකුල අත දරා

'අදත් මං අතිකාල ෆැක්ටරියෙ
තෑග්ගක් පුංචියට අරං හොඳ
හැන්දෑකරේ එන්න බලන්නම්
ෆුට් බෝඩ් එකේවත් එල්ලිලා

නොආවොත් හිත තලා ගන්නෙපා
අතිකාල දික් කළොත් ප්‍රඩක්ෂන් මැනේජර්
පහුවෙනිදා එනවමයි සත්තකට
ඔබෙ සිනා මල් සුවඳ විඳින්නට'

'වැලන්ටයින් දාට විතරක් නෙවෙයි
අපෙ සෙනේ හැමදාම එක වගේ
ජීවිතේ ජයගන්න සටනෙදී
මොන වැලන්ටයින් වත් අපට නෑ'


පුෂ්පා රම්ලනී