Total Pageviews

Powered By Blogger

Tuesday, August 25, 2009

සයිබර් දූෂණය


විශ්වයම
සයිබර් අත්ලෙහි ඇඹුලක්ව
පැහැදිලිව දිස් වන සඳ
දුරස් වූ මිතුදම් ළංවී
පුපුරා ගිය බැඳීම් පෑහී
ආදරය දළුලයි
ලා රෝස පැහැයෙන්
පරිඝණක මුහුණත් මත

එසේවම
මල් කැකුලු සිත්
තලා පෙලා කඳුළු
පුරවන
දැඩි සිතැති සළෙල
මානවකයන්
සයිබර් නබෝ ගැබ
පරිසරය
දූෂණය කිරීම
අහෝ! දුකකි.

1 comment:

  1. සයිබර් අවකාෂය ගැන සානුකම්පිත බැල්මක්.

    අවිචාරවත් සයිබර් සමයක් ගැන කතිකාවකට බීජයක් කවි ඇසකින්!

    මනරම් කවිකමක්!!

    ReplyDelete