Total Pageviews

Powered By Blogger

Thursday, August 26, 2010

පතල් කරුවාගෙ බිරිඳගේ කවි

වංගුවෙන් ඇදුණාය බස් එක කලුවරට
පංගු පේරුවටද නාවේ ම'ඇත් රජ
ඩෙංගු මදුරුවොත් තලමින් රඟන වට
උංගු කෙලී වැළපෙන හැටි පෙනෙනවද

පොලුත් තෙලුත් නැතුවා උයනට රසට
දෙලුත් තැම්බුවා ලුණු ඉහගෙන කන්ට
අළුත් මාළු කොයි ඇඹුලට හින්දන්ට
සිලුත් බිඳෙනවා අග හිග කම් වලට

පාළොස්වකට සිල් ගත්තා බඩගින්න
හීලත්, දවල් දන් දුන් අය නිවන් දකී
හතර පෝයටම ඇත්නම් අට සීලේ
ගෙදර අපායෙන් මං ගැලවෙනවාමයි

පතල් කවි නොකියා එෆ්.එම්. අහන හිමී
කරවල, රට හාල් අර ගෙන එන්න හොඳයි
මඩේ එරෙන පා යුග, දෑතේ කූඩේ
ගරන මැණික් සැප දෙන්නේ කා හටද?

6 comments:

  1. ඇත්ත ඇතිසැටියෙන් කියල තියෙන අපූරුව...

    ReplyDelete
  2. ලොකුම කතාවක්.
    සරළ පද පේලි කිහිපයකින්.
    මං හිතන්නෙ මේක කියන්න පුලුවන් හොඳම විදිහ.

    ඇත්තටම නියමයි.
    (ඔයාව අපි අඹ ගහ යට ට ලින්ක් කරගත්තා.)

    ReplyDelete
  3. අදහස් දැක්වීම් වලට තුති. ඒවා මට සවිය, දිරිය දෙන පෝෂ්‍ය පදාර්ථ වගෙ.

    ReplyDelete
  4. අතරින් පතර වැටෙනා මඩ සූරාන
    කලුගල් බිත්ති අතරින් රුපියල් හොයන
    මම වෙමි පතල් වැසියා මැණික නොරකින

    අමාවක මිසක් පතලට නැහැ පෝය
    පෙහෙවස් සීල කුස ගිනි නිවනා බව කියන
    නුඹ ඇයි කියන්නේ අග හිගකම් රටට
    නොකියා හිතේ ඇවිලෙන රග ගිනි රහට

    හිතුවක්කාරයා http://hithuwakkaraya.blogspot.com/

    ReplyDelete
  5. පතලට පනින්නේ මම ඇහැ පියාගෙන
    අතරින් පතර වැටෙනා මඩ සූරාන
    කලුගල් බිත්ති අතරින් රුපියල් හොයන
    මම වෙමි පතල් වැසියා මැණික නොරකින

    අමාවක මිසක් පතලට නැහැ පෝය
    පෙහෙවස් සීල කුස ගිනි නිවනා බව කියන
    නුඹ ඇයි කියන්නේ අග හිගකම් රටට
    නොකියා හිතේ ඇවිලෙන රග ගිනි රහට

    හිතුවක්කාරයා

    ReplyDelete