Total Pageviews

Powered By Blogger

Wednesday, August 18, 2010

ජීවිතය දෙකඩ කළෙමි

මම ජීවිතය දෙකඩ කළෙමි
එක කොටසක්
බීමත්ව
චණ්ඩ මාරුතය තුළ
ඔබ සමග පිළිසඳරෙක.
අනෙක
ඔබ මා දෙපයට
ඇණ ගසූ තැන.

මගේ ආශාව
එක අඩක් ඔබ සමග
තබන්නටය
එය ශත වර්ෂ ගණනාවක සිට
සිත කරන ආයාචනයෙකි …..
එම කොටස
මම නිදහස් කර ගත්තෙමි

සෝපානය දිගේ
උඩට ඇදෙන මා සිරුර
දෝලනය වෙයි දෙපසට
නිදි වර්ජිත රාත්රීමන්……
ඔබේ දෑස් තුළද
එම විඩාව තිබිය යුතුමය
සුවඳින් වටලනු ලදුව
මගේ ඇස්
පියාගන්නට අමතකව
මත් වූ අවදිය….
නිසල දියෙහි දෛවය
නිද්රෝිපගත වූ විට
වෙන්වීමේ තත්පර සමග
මට ඔබේ පහස අමතක වෙයි
සුසුම්
මිහිදන්ව
අසහනයේ හිරිහැරය යට
අප අතර පරතරයන්
දුරස්ව
පාරායණ ශත වර්ෂයන්ව
දෝලනය වෙයි
මගේ පණිවිඩ කරුවාගේ
දෑතෙහි

මා සිරුර පැටලී
කටු අකුලෙක,
මගේ අත් තුවාල කරගනිමින්
වර්ෂ ගණනාවක විඩාව ඉවසා
මා නිමැවූ ඔරුව
උගුලක හසු වී
අනුකම්පා විරහිත
රළ රැලි පහරට පෙරැලෙමින්
ඇදෙන්නේ කුමන උමගක් ඔස්සේද
පෘථිවියෙන් ඔබ්බට?

මගේ දෑතට
ශක්තිය ලැබුණාදෙන්
දිය පහර තවත් වරක්
ගමන් මග වෙනස් කළා දෙන්
එසඳ මට
මුහුණ දිය හැකිවනු ඇත
දවසේ ප්රභාශ්වර රැස් වළල්ලට
ඔබ මට
මුල්ම ප්රතිඥාව දුන්

අස්‍රා අබ්බාස්-පකිස්තානය

No comments:

Post a Comment