Total Pageviews

31867
Powered By Blogger

Tuesday, August 17, 2010

අනේ! මට විඩාවයි

ඔබ මගෙන් කොතෙක් නම්
ප්‍රශ්න විමසා ඇත්ද?
මමත් පිළිතුරු දුනිමි
හැමෙකටම
කෙළවරක් නැති ප්‍රශ්න...

නොඅසන්න යලි මගෙන්
අහස සේ ආදරේ දැයි කියා
තරු ලෙසින් නොමිණියැකිදෝ කියා
සයුර සේ අනන්තයි දෝ කියා

අනේ! මට විඩාවයි, මේ දිවිය
ක්ලාන්තයි...ක්ෂුධාවයි
ආදරය යන දෙයින් ඔබ්බට
යමක් නැතිදෝ අනේ හැබෑටම?

1 comment:

  1. ඒ ටික කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැතුව ඇති. ඒකයි. :)

    ReplyDelete