Total Pageviews

Powered By Blogger

Sunday, August 8, 2010

සහජීවනය බිඳී

යුද්ධය, සුනාමිය....
පමණක්ද?
අසංවිධිත සංවර්ධනය
උදුරා ගත්තා නොවෙද
නුඹලාගේ
නිශ්චල මෙන්ම චංචල
දේපලද?

පාලකයන් පිරිසක්
ස්වර්ණ භූමියට
ඔප්පු ප්‍රදානය කොට
සිව් සියක් දිග අණ බෙර ගසා
ලියා දුන් භූමියම
තවත් රජුන් පිරිසක්
වෙන් කළෝ
අභය භූමි ලෙස
තවත් කලෙකට පසුව
එම බිම්ම
සංචාරක පුරවර ලෙස
නම් කළා
ජනතාවට
යන එන මං අහිමි කොට

වනයෙන් අල්ලා
රැක බලාගත්
අලි ඇතුන් අනාථාගාර වල
පටවා පත ලොරියකට
දක්කන් ගිහින් හැළුවා
වනයක් දුටු සැණින
මිනිස් වාසයට ඔබ්බෙන්ම

ඉතින්....
කිරි පොවා, හදා වැඩූ
වන සපුන්
මිනිස් සුවඳට,
සෙනෙහසට ඉව කරමින්
නුපුරුදු වන වාසය
නොඉවසමින්
ඇදේ කිරි සොයමින්
මිනිස් වාසයන් වෙත
හොඬවැල් දමයි
පැල්පත් කවුලුවෙන්

බියපත්ව මිනිසුන්
පත්තු කර අලි වෙඩි
රතිඤ්ඤා, අලි ඩොන්, ගිනිහුළු....

අලි මිනිස් සහජීවනය බිඳී
අවුලක අනේ! දෙපාර්ශවයම
රජුන් හට අවුලක් නැත
පවුල් සුවසේම හිඳිනා නිසා

අනේ! රට වනසන
අසංවිධිත සංවර්ධනය
තේරුම් ගනු මැනවි,
මහ රජානෙනි!

අනවසර පදිංචි කරුවන් නම්
නොවේමැයි, ඔවුන්...
රටේ පුර වැසියන්ම මිස.

No comments:

Post a Comment