Total Pageviews

Powered By Blogger

Tuesday, August 17, 2010

සිර දඬුවම

සිය පෙම්වතා සිප ගත් වරදට
චෝදනා එල්ල වූ ඇයට
තුන් මසක සිර දඬුවමක් නියම විණි
බරපතල වැඩ සහිත

දුරාචාරයේ යෙදෙමින්
උල්ලංඝණය කළාට
දණ්ඩ නීති සංග්‍රහය

එතුන් මස ගෙව්වා ඇය
බරපතල වැඩ සහිතවම ....
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්
ඇගේ ගර්භාෂයට
ශුක්‍රාණු හැලුවා
පාහරයන්
හැම ජාතියකම

ඉතින් ......

බරපතල වැඩ සහිත
සිර දඬුවමේ,
එතුන් මස ගෙවුණු පසු
ඇයව බලහත්කාරයෙන්
ගෞරවණීය ජීවිතයකට
යොමු කළාහුය,
ශුද්ධවන්තයෝ.
රඳවා ඇයව
පුරවරෙක නාඳුනන

ඇයත් සෙව්වා
රැකවරණය .....
එම පුරවරද
අඩුවක් නැතිවම
ප්‍රදානය කළා, ඇයට
ගෞරවනීය පුරවැසිභාවය!

අස්‍රා අබ්බාස් - පකිස්තානය
පරිවර්තනය - පුෂ්පා රම්ලනී



2 comments:

  1. මේක නම් මාරම මාර විදියට වදිනවා. සුභ පැතුම් ලස්සන කවියකට..!

    ReplyDelete
  2. අක්කන්ඩී ලිෂ් කිව්ව වගේ මේක මාරයි . . . ඇඟේ මයිල් කෙලින් වුනා කියවනකොට . . . මාරම මාරයි . .

    ReplyDelete