Total Pageviews

Powered By Blogger

Wednesday, April 21, 2010

අපහසු සිහසුන

කුඩ කොඩි සේසත්
පතාක ධජ හැම
අකුලා දැමුවෙමි


අපහසු සිහසුන
ඔටුණු ද රන් මිණි
ඉවතට දැමුවෙමි


වට තිර පාවඩ
උඩට උඩු වියන්
අකුලා තැබුවෙමි


විදසුන් වඩනට
සසරින් මිදෙනට
අරණට නික්මෙමි 

3 comments:

  1. කලකිරීමක්..........................................

    ReplyDelete
  2. මම ‍වගේ දුහුනන්ට ටිකක් බරයි. මොකද මට ඔටුනු නැති හින්දා

    ReplyDelete
  3. අකුලා දැම්මට අතහැර ගන්නට හැකිවෙද කැමැත්ත පරණ සිහසුනට?

    ReplyDelete