Total Pageviews

Powered By Blogger

Thursday, April 15, 2010

'රන් කුමරයි, රන් කුමරියි'

'රන් කුමරයි, රන් කුමරියි
රටින් පලච්චී
ගෙදර හිටපු පොකුටු කෙල්ල
දීග පලච්චී
තක දොන් දීග පලච්චී'




රබන් පද ඇහෙනවා
සුරල් සුරු වැයනවා
පොකුටු නැති ඉරටු කෙස්
නැකැත් පොත් වහනවා


දරු මල්ලො වඩා ගෙන
එතිය අවුරුදු කන්න
තෑගි බෝගත් ඉහින්-
කණින් බෝ දරා ගෙන


පිළි කන්නෙ බංකුවට
නිතොර ඇන තියා ගෙන
අනේ මම ඉන්නවා
දුර ඈත බලාගෙන



කලු කුමර දිෂ්ටියත්
නැහැ ඇලෙහි, දොළෙහිවත්
ඉන්න තැනෙකට මාව

කුදලගෙන යන්නවත්


සඳත් අව පසටමැයි
නැකැත් නැහැ අපලමැයි
වෙතොත් කුමරෙක් එලොව -
වත්, ඇවිත් යනු හොඳයි






No comments:

Post a Comment