Total Pageviews

32411
Powered By Blogger

Wednesday, April 21, 2010

නුඹට පිදුණු මා සිත් මල

රන් දුනුකේ මල් සුවඳට 
නුඹ ඇදුණත් පෑල දොරින්
නුඹට පිදුණු මා සිත් මල
තිර හැඟුමින් මෙතෙර රුවින්


පත් ඉරු වල ලියු සුවහස්
නිසඳැස් සහ සඳැස් පද්‍ය
ලොව කියවනු නොරිසි හෙයින්
එසියල් පැදි පෙට්ටගමක 
බහා ලුවෙමි හොර රහසේ 


නැකැත් පොරොන්දම් කුමකට
අපේ දෙසිත් සම වෙයි නම්
ඇවිත් ගමට කාර බඳිමු
කූඩු හදන්නට සුබ දින

No comments:

Post a Comment