රත්තරන් හංසයෙක්
පියාඹා ගෙන ඇවිත්
රන් පිහාටුව හළා යන තුරා
බලා සිටියෙමි මමත්
උපන් දිනේට බටර් කේක් ගෙඩියක්වත්
ගෙනැත් දෙන්න හංදියේ බේකරියෙන්
මගේ බඩපිස්සිට
හංසයෙක් තියා
කොරවක්කෙක්වත්
ගෙමිදුල උඩින් පියාඹා ගියේ නැහැ
වැව පාරේම ගේ තිබිලත්
Subscribe to:
Post Comments (Atom)
දුක හිතෙනවානේ..
ReplyDeleteඑහෙම කියන්න එපා...
/බිඟුවා...!