Total Pageviews

32407
Powered By Blogger

Wednesday, January 20, 2010

ජීවිතය නැවතිලා නොවෙයි!!!!!

ජීවිතය නැවතිලා නොවෙයි, එය නවතලා

දෑත් බැඳ, යදම් ලා දෙකකුලට

මගෙන් කිම උදුරගත්තේ මගේ

නිදහස?



කවි ලියන ගී ලියන

සිත යදම් දැම්මෙ ඇයි?

ගී ගයන, කවි කියන

හඬ ඇයිද ගොළු කළේ?



බිඳ දමා විලංගුද වරපටද

කඩිනමින්

මට පිහිට වන්න බැරිදෝ ඔබට?



එන්න මා මිතුරනේ, මිතුරියනේ
රැගෙන යනු මැන මාව
මේ රුදුරු සිර ගෙයින්

තවත් කල් රැඳුනොතින්
මෙහි මෙලෙස
සිහි විකල් වූ කතක්

ඉතිරි වෙනු ඇත නියති...


නුඹලාට මා අහිමි වනු නියති.....

2 comments:

  1. වෙන කෙනෙකුන්
    එනතුරු නොරැදෙන්න
    යදම් බිඳ දමා
    අගුළු හැරපියා
    අනාවකට පිය නගන්න


    /බිඟුවා...!

    ReplyDelete
  2. කිසි දිනෙක කිසිවෙකුට
    බැඳ දමා ලිය නොහැක
    නිදහසේ පියාඹන
    කවි සිතක්...
    ඔබ විසින් ඔබෙම සිත
    බැඳ දමා ලුවොත් හැර
    යාන්ත්‍රික සමාජය
    හට බියෙන්...

    ReplyDelete