නිසොල්මනේම සිටියා සෙදෝනා
මල් පොකුරු, මල් වඩම්
වට කර ගෙන
කුරුවිට අයියා කළා ගුණ කතනයක්
සුනේත්‍රා කීවා කවියක්
අන්තිමට කවි පද හිර වී
ස්වරාල අතර ...
ඇස් වලයි පිරුණේ
වියෝ දුක
අපේ ඇස් අගටත්
හීන් තෙතමනයක් එකතු කර
මාලා හැඬුවා
ඉකි ගගහ
උහුලන්න අමාරුයි
ළඟින්ම හිටි කෙනෙක්
සමුගන්න හදනකොට සදහටම
අපි සේරෝම ගියා ඇය කැටුව
ඇගේ පසු පසින්
සෙදෝනා, ලැයිසා එහෙමත් .......
අපිත් එක්ක අත් අල්ලගෙනම ගියා
සුමිත්‍රා, කරුණක්කා
අනෝමා, තිලිනා, සුනේත්‍රා
හමුවුණා කාලෙකට පස්සෙ
ඊවටත් සතුටු ඇති
අපිව මුණ ගැස්සෙව්වවට
ඒත් එයා හිනා නොවීම
විදුලි ආදාහනාගාරයට
යද්දී . . .
බලන් ඉන්න බැරුව
අපි ආපසු හැරුණා
ඊවා හිටියා ආපහු එද්දිත්
සෙදෝනගෙ සිරුරෙ වෙලිලා
මට දැණුනා ඇගෙ සුසුම්
තවමත් උණුසුමට
Subscribe to:
Post Comments (Atom)
ඔව් ඇත්තටම සංවේදී අවස්ථාවක්. ඔබ එය හොඳින් දැනෙන විදිහට ලියලා තිබෙනවා.
ReplyDeletehttp://ranrandil.blogspot.com/2010/02/blog-post_9392.html