Total Pageviews

32145
Powered By Blogger

Monday, March 6, 2017

සිහින සල්පිල














සිහින ඇත අලෙවියට
කැමති ලෙස මිළට ගන්නට හැකිය
දේදුන්නෙ වර්ණයෙන්
ෂඩ්වර්ණ රශ්මියෙන්
අහස් නිල, මුහුදු නිල
රෝස පැහැයෙන් වුවද
ඔබ කැමැති වර්ණෙකින් ඉල්ලන්න
දුක් සිහින ප්‍රියයන්ට
ශ්වේත, අළු, කළු පාට මිශ්‍ර කොට
වර්ණ ගන්වා දෙමුය
සිල් රකින උවැසි උවැසියන් හට
සුදෝ සුදු සිහින ඇත
සටන්කාමී අයට
තිබේ ලෝහිත සිහින
සිනහ සුපිපුණ සිහින
රොමැන්තික පෙම් සිහින
දෙකක් ගත් විට එකක් නොමිළේම
දැන්ම වෙන් කර ගන්න
කල් ඉකුත් වන දිනක් නොමැත්තෙය
විමසන්න නොපමාව
වෙබ් අඩවියට විගස පිවිසෙන්න
(වීසාද ක්‍රෙඩිට් පත් වලංගුය )
සිහින සල්පිල. කොම්
පුෂ්පා රම්ලනී
2017.03.07

2 comments: