හිතට සිතුවිලි එන්නෙ
ඔබ ගැනම විතරමයි
අභිධර්මෙනුත් හිතල
චිත්ත, චෛතසික, රූප, නිර්වාණ
සසර ගැට ලිහන්නට
දෙපණස් වු චෛතසිකයන්ට වැඩියෙන් ඔබයි
සිත පුරා හැම තැනම
ඔක්කොම ජවන් සිත් වගෙ
ක්ෂණයකින් මැකී යයි
හිතන්නත් පෙර බිඳක් අනෙක් සැම
මැකෙන්නේ ඇයි කියා නොවැටහෙයි
මැයි මලින් පලස් අතුරා තිබුණු රළු පාර
ඔබ සමග ඇවිදිද්දි
කොයි තරම් මුදු වීද?
විඩාවක් දැනුනේ නැහැ සැඩ ඉරේ
කාෂ්ටක වුණේ නැහැ ගෙන්දගම් පොළෝ ගැබ
තණ පලසකට උරුම සීත,පිණි පිරි ගතිය
මද සුළඟෙ එති, එතී
අපට දුන් හාදු වැල්
අදත් උණුසුම් හිතට
ඉදින් ඉන්නා තැනෙක
ඉඳන් හිත කියවලා
ඇවිත් යන්නට එන්න
ඉර මැකෙන සැඳෑවෙක ....
බලන් ඉන්නම් දෙඇස් රිදෙන කල්....
පුෂ්පා රම්ලනී
09.11.2016



හනික එමි මම
ReplyDeleteසොඳුරු සිහින මැවූ
ඒ මිහිරැති අතීතය තවමත්
මිහිරියි පිනවයි
මගේ හද සේම ගතද
ඉතින් මා ප්‍රිය ළබැඳියේ
ඔය තරු දෙනෙත්
තවත් රිද්දන්නට නොදී
දැක ගන්න ඔය සඳවත
ඇවිත් යන්නට
හනික එමි මම.
ලස්සන නිසඳැසක්.
ජයවේවා!!!