රැජිනක් නොවූ රාජිනී.
රාජිනී,
ඔබ සටන් කළේ
මිනිස් කම වෙනුවෙන්
භේදයක් තිබුණෙ නැහැ එහි
දෙමළ, සිංහළ, මුස්ලිම් කියා
නිරායුද වූ ඔබව
අපෙන් වෙන් කරන්නට
පිටුපසින් පැමිණිවුන්
කොකා ගැස්සූ වාර කොපමණද?
ලේ විලක් මැද නිසල විණි
රාජිණී . . . .ඔබ
විසල් වූ තල් රුකක්
බිඳුණු සේ
මහත් වූ පාළුවක්
පාඩුවක්
අපට දැනුණා තමයි
ඒ අඩුව තවම දැනෙනව තමයි
රාජිනී!
යාල්පානම් පුරේ
තල් ගසින් සෙවන ලද භූමියේ
සදා සැතපුණු සොයුරි, රාජිණී
තවම සුවපත් නොවුණු
ලේ ගලන තුවාලද
තියෙන අය තවම තැන තැන හිඳියි
රාජිනී!
විසඳුමක් හොයමු අපි එකතුවී
ඔබත් ඇවිදින් එක්ව
එතුවාල හොඳ කරමු, රාජිනී!
පුෂ්පා රම්ලනී
2016 සැප්තැම්බර්
තුවාලයට බෙහෙත් දැමීම කෙසේවත්
ReplyDeleteපිරිසිදු වෙන්න කියා වතුර ටිකක් වත් නොදා
මිරිස් කුඩු ඉහින මිනිසුන් අතරේ
කොහේ විසඳුම් සොයන්නද අක්කන්ඩී !
අක්කණ්ඩි බලන්න අදයි ආවේ. සටහන දැක්කම මට මෙහෙම හිතුනා...
ReplyDeleteඅතීතයක වූ දුක් දැනී
අද දිනත් ඇතිවේ ගිනී
ඇත්ත පියඹා ඉගිලිනී
සුසුම කුමටද රාජිනී......
ජයවේවා!!!