Total Pageviews

Powered By Blogger

Monday, May 5, 2014

ඔබ මම ද නොවෙයි



පි.
ඔබ මම ද නොවෙයි
මම ඔබ ද නොවෙයි
ඔබ හැම මොහොතෙම සිතෙහි මැවෙයි
සෙනෙහෙ දියවරින් සිත සපිරෙයි

ගැ.
ඔබ මම ද නොවෙයි
මම ඔබ ද නොවෙයි
ඔබ විත් මට මා අහිමි කරයි
මසිතෙන් මා ගෙන ඉවත දමයි

අන්තරා 1

පි. සෙනෙහස කොඳුරන
    ඉඳුවර දෙනයන
    අලන්කාරයක් ඔබට ගෙනෙයි
ගැ. පිනි බිඳු හිනැහෙන
    මල් පිරි පුදසුන
    චමත්කාරයක් හදට ගෙනෙයි

ස්ථායි . මම ඔබ ද  . . . .


අන්තරා 2

පි.  මුදු ගී සරයෙක
    සල රූ තිරයක
    පැටලුණු සිත සිහිනයක වෙළෙයි

ගැ. පරවුණු කුසුමෙක
    වියැකුණු සුවඳෙක
    රැඳවුණු සිත භාවනා කරයි

   මම ඔබ ද නොවෙයි . . . . .

No comments:

Post a Comment