Total Pageviews

Powered By Blogger

Wednesday, March 26, 2014

මගෙම නම අමතකයි

දරුවන්ව ලොකු මහත් කර ගන්න
හරි හමන් රැකියාවකුත් උන්ට ලැබ දෙන්න
ලේ නහර කකියමින් දිවා රෑ නැහෙනවා
අරාබියෙ පුරවරක

බත් කටක් කන්න ආසා වුණත්
බඩ පුරා, ඉතිරි වෙන රොටී මිස පොලුත් නැති
තෙල් පිරුණු මස් හොද්ද
දිරවන්න බඩවැලුත් හුරු වෙලා

නිවාඩුව ලැබෙන්නේ සිකුරාදා
පන්සලට උදේ වෙන කොට ඇදෙමි
සිලුත් අරගෙන, බඩත් පුරව ගෙන
හවස ආපසු ඇදෙමි මෙහෙවරට

සිල් පවාරණ වෙන්නෙ පසු දාට
රෑ වේල අත් හරිමි සිල් සපුරනා පිණිස
එපින් වත් මාව සසරින් ගොඩට දමනු ඇති
පුදම් පින් පෙත් මෙතින් මෙ'පන්සල හැදු අයට

මේඩ් කියලයි මගේ නම නිතර ඇහෙන්නේ
මටත් දැන් මගෙම නම අමතකයි
පුතේ නුඹලා ඉතින් සිප් සතර හදාරා
දෙපයින්ම නැගිටින්න හිතාපන්

No comments:

Post a Comment