Total Pageviews

Powered By Blogger

Saturday, April 7, 2012

සොහොන් කොත අසයි, මෙලෙසින් . . .

සොහොන් කොත අසයි, මෙලෙසින්
රෝස කුසුමකින්
"හිමිදිරියෙ පිනි බිංදු
වැටෙද්දී පෙති මතට
දැනෙන්නේ කෙළෙසින්ද
කෙබඳු අවසානයක්
ඔවුන්හට හිමි වෙයිද?
කියනු මැන
ප්‍රේමයේ කුසුම ඔබ"


"කොයි තරම් අවතාර
භූතයන්
වෙසෙන්නට ඇත්ද මෙහි?
එසේවම මෙයින් නික්මෙන්න ඇති . . .
දන්නේද එවන් වූ
ආත්මයන් කී දහක්
සොහොන් කොත් මුවින් නික්මුණි කියා?"
කීවාය රෝස මල


"සිහිලැල්වු සෙවනකදි
හිමිදිරිය හෙළුවා වු
සුවඳවත් කඳුළු වේ
වැටෙන්නේ තුෂර වී
ඒවාම මල්කෙමියෙ සිර වෙලා
හැදෙයි මල් පැණි මිහිරි,
ආශ්චර්යයකි එය"
රෝස මල කියන්නී . .


"භූත, අවතාර සිය දහක් වුව
නික්මුණත් අහස් ගැබ
වෙද සසල
අසිරිමත් නොවෙද එය
පිණි කඳුළු කතාවට වඩා එය?"
පිළිවදන් දුන්නේය
සොහොන් කොත සන්සුන්ව

No comments:

Post a Comment