Total Pageviews

Powered By Blogger

Wednesday, April 25, 2012

කව් ගීයක්

සඳ හාද වෙන්න මුකුළු කරන සීත කලුවරේ
ඔබ පාද ස්වර ඉක්මන් ඇයි සිහින ගං තෙරේ
අද රෑට වියන සිහින හතම රඳවමින් නෙතේ
මුදු සේද සිනිඳු සළුවක්වී වෙලෙනු මා ගතේ


මට කෝල බැලුම්, ඉඟි බිඟි නැතුවාට කමක් නෑ
කට කාර කමට කියන කතා හිත පෙලන්නෙ නෑ
කර කාර බඳින්නට නැකතක් මට ඕනිම නෑ
මදහාස පිපෙන මුව මඬලට කළු වළා එපා


මගෙ දෙමාපියන් නුඹෙත් මාපියන් සේ සලකා
නුඹ දුවක් වෙයන් ඒ දෙපලට ලේලියක් නොවී
සඳ රැයක් දෙකක් නාවත් අහසට දුකක් නොවෙයි
තරු ඇතොත් ගෙදර සිරියාවයි අහසම පිරී තියෙයි


1 comment: