Total Pageviews

31975
Powered By Blogger

Wednesday, February 8, 2012

පුංචි ඉටිපහනක්ව එළිය දෙන්නම් ලොවට

.











කෙළෙස හිරු වම්ද මම?
කෙළෙස සඳු වම්ද මම?
පිපුණු තරු සුවාසූ දහසකින්
එකක් වත් වනු කෙළෙස?


පුංචි ඉටිපහනක්ව
එළිය දෙන්නම් ලොවට
විදුලියක් නැති තැනෙක
අකුරු කියවාගන්න
දරුවෙකුට
නැණ පහන් දල්වමිය


දුගී සන්නාලි දැරියකට
ඉඳිකටුව ඇඟිල්ලේ නොම ඇනී
ඇගේ ගෙත්තම නිමා කරලන්න
ඒ එළිය සමත් වුවහොත්
යෙහෙකි..

No comments:

Post a Comment