බණ ඇසෙයි
සිත නිවෙයි
සෙත් පිරිත්
පව් තවයි
...
බෝ මළුව
සිල් ගනියි
බෝ පත්ද
බණ දෙසයි
පුස් බැඳුණු
සිල් රෙද්ද
පෙට්ටගම පතුලෙ සිට
සන්ලයිට් කැටයකට
දුක කියයි
සම්බුද්ධ ජයන්තිය
සමරන්න පිළිවෙතින්
ප්‍රතිපත්ති පිදුමකට
සිත නැවෙයි
Subscribe to:
Post Comments (Atom)


0 comments:
Post a Comment