මම මමම වීම ගැන
සතුටු වෙමි
අනෙකෙකුව නොවී අද
බෙදාගන්නට හැකිය
තවෙකෙකුගෙ දුක් කඳක්
අවසරය නොලබාම
මගේ හිමිකම පැවරු කෙනෙකුගෙන්
රාජකාරි වෙලාවෙන් බිඳක් සොරාගෙන
අමුණන්න හැකිය කවියක් දෙකක්
කතා පොජ්ජකුත් පෙලගසෙනු ඇත
හැබැයි මැනවින් කාල කලමනාකරණයෙන්
ලොව දසත සරන කල
නොවී අවතැන් ගුවන් තොටුපලක
සොයා යත හැක ගමන් අන්තයට
රිදුම් දුන්නද දෙපා ඇවිදලා දිවි ගමන
සිනාසෙන්නට හැකිය
මුණ ගැහෙන අයට මේ මග දිගම
දුක් සිඳින වදනකුත් කියාගෙන
මසිත් පිරි දුක් කඳුළු වසාගෙන
වැටෙන්නට යන කෙනෙකු
හට සුරත දී මගේ
නැගිටුවන්නටද ශක්තිය තිබෙයි
මා සතුව
එනිසාම සතුටු වෙමි
මෙමම මා වීම ගැන
යලි යලිත්, යලි යලිත්, යලි යලිත්
Subscribe to:
Post Comments (Atom)
ඔබ ඔබ වීම ගැන
ReplyDeleteසතුටු වත්දී
මම
මා වීම ගැන
ඇත්තේ
පසුතාපය කි..,
ඒ
මම මා නොවී
අනෙකෙකුව සිටි කළ
මා හා උන්නෝ
මම මා වූ කළ
මා හා නොවූ
බැවිනි
ඔබ ඔබම වූ කල්හි
ReplyDeleteඔබ සමග සිටියවුන්
ගියා නම් අතැර ඔබ
සතුටු විය යුතුයි, ඔබ
දියෙන් කිර වෙනස් කොට
හොඳින් හඳුනා ගන්න
ඔබට හැකිවුණා යයි