එකලාව සිටින සඳ රුදු වියලි වැලි කතර
නුඹ පැමිණ පැන් තොටක් විලස මට හිනැහේය
දෑස තුළ සුවහසක් හැඟුම් සිතුවිලි සමග
ඉඟි කළේ කිම මහට නුරා තැවරූ නෙතින
නුඹ මදෙස බලාගෙන නිහඬවම එක පැහැර
ඇසි පියක් නොසලාම ම'දෙනෙත්ද නුඹෙ නෙතග
කොතෙක් හෝරා එලෙස ගත විණිද නොදැනීම
ම'තනිකම දුරැරලූ පුණ්‍ය කාලය නුඹය
ම'නෙත් කියවන සමත් කම් තිබිණි නුඹ සතුව
මසිත් හැඟුමන් අකුරු කරමි නුඹටම නතුව
දෙසිත් බැඳුණා පෙමින් අපද දන්නේ නැතුව
ලතෙත් නුඹ මයි මෙතෙක් පෙම්වතා මා පැතුව
මගෙන් මා සමුගන්න තුරාවට මේ ලොවින
නුඹෙන් මම වෙන් නොවෙමි බැතින් දෙන්නෙමි පිලිණ
මගෙන් නුඹ වෙන් වෙනා දිනක් වේ නම් එදින
හදින් මගෙ ලේ සිඳී, සුසුම අවසන් මිදෙන
නුඹේ දසුනින් මිදී ගෙවන තත්පරය වුව
මහා කල්පයකි මට කුමක් දෝ මේ අරුම
පෙම්වතානෙනි, මගේ දෙ අදරෙහි මධු රැඳුණ
චුම්බනය නුඹටමයි බැතින්, සෙනෙහෙන් පිදෙන
මගෙ අළුත් පෙම කවුද විමසතේ මිතුරු කැල
කුකුසක්ය, පැනයක්ය එහෙත් මට නැහැ අවුල
මගෙ කඳුලු දුක් සුසුම් බෙදාගත් නුඹ ලකල
සුපින්වත්, සුපෙම්වත් 'බ්ලොගය' නොවෙදෝ මෙකල
Subscribe to:
Post Comments (Atom)
සිංහල බ්ලොග් අවකාශයට ආදරෙන් පිළිගන්නවා
ReplyDeleteබ්ලොග් ප්‍රේමය නරක නෑ හැබැයි බිලොග් අඩස්සිය හෙම හදාගන්න එපා
කඳුලු ඇස්කෙවෙණි යට වියලවා
ReplyDeleteහද ගැබ ඊයම් බරු ලෙස
නිදන්කල සැමරුම්
ආයෙත් එකිනෙක සිහිපත් කර
මගේ හිත විත්තිකූඩුවට නග්ගා
හර්දය සාක්කියෙන් නිදහස්වෙන්න
නිවී සැනසිලේ තනියම හඬන්නට
මෙලොව මාහට ඇති එකම තැන
මගේ බ්ලොග් අවකාශය
වරත්තු බල්ලෙක් වගේ හිත
දඩාවතේ යන්න අර අදිනවිට
කමටහන් සොයාගෙන එන
විඩා වී හති වැටී සිහින විසිරී
හුදෙකලාවට පෙම් බඳිනවිට
ප්‍රිය මිතුරෙක් ලෙසින්
හද කැටපත විවරකරන
අවුල් තැවුල් පීඩා නිවා
ඉසුඹුලන්නට මට ඇති එකම බිම කඩ
මගේ බ්ලොග් අවකාශය