Tuesday, September 1, 2009
සරල ගීයක්
දරුවන් මගේ හිරු සඳු වගේ
තරු කැකුළු වන් පැටවුන් අගේ
අන් කිසිත් සුවයක් මට නැතී
අප කැදැල්ලේ උණුසුම ඇතී
අහස මෙනි සෙනෙහස මගේ
හිරු, සඳු, තරුද එහි හිනැහෙතේ
සුදු වළාවක නැග හිතු මතේ
ඉගිලෙන්න එදෙසට මට සිතේ
කිරි කැටි සිනා දෙතොලග පිපී
හෙමි හිට ඇවිත් හදවත සිපී
කිරි සුවඳ නොමැතිය ගිලිහිලා
තටු සලමි සිතින් දුරු රට බලා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment