Total Pageviews

Powered By Blogger

Monday, June 4, 2018

අපූරුය අපේ පෙම









අපි කලෙක පෙම්වත්තු වී හුණිමු
මමත් මිත්තණියක්ව අද දවස
ඔහුත් මුත්තණුවෙක්ව අද දවස
අපූරුය අපේ පෙම
උපන් දින ත්‍යාගයක් ඔහු මහට දී නොමැත
උපන් දින ත්‍යාගයක් මා ඔහුට දී නොමැත
මෙතෙක් අද වන තුරා
නොදන්නෙමු උපන් දින
නොඇසුවෙමු උපන් දින

ගව් ගණන් දුර දෙපස විසූ අප
හමු වූයේ බොහෝ ඉඳ හිටලාය
රේල් පාරවල් මත ඇවිද ගොස්
නිවන්නට ගත විඩා
ඇදෙන්නේ දේව මැදුරක් වෙතය
බංකුවක වාඩි වී දණ ගසා ගෙන විටෙක
යාතිකා කරන සේ හෙමින් මුමුණමු රහස්
ලියන්නේ නමුදු මාගල් ලෙසින් හසුන් පත්
කියන්නත් බොහෝ දෑ විය අපට
මෙසේ හමු වූ විටදි
අපි කැමති ගීත වල වෙළෙන්නෙමු, විඳින්නෙමු
තව විටෙක ඔහු මගේ අත්ල ගෙන
එමත රස කුරුටු ගීයක් ලියයි
පිළිතුරක් ගෙතෙන්නේ ඔහු සුමුදු අත්ලේය
දෑස් දෙස බලා ගෙන වරු ගණන් හිඳිමු අපි
සිනහ සෙමු, විරිත්තමු තරඟයට
ඇත්තෙන්ම එය සොඳුරු ප්‍රේමයකි
රස විඳිය හැකි අදත් සුන්දරව . . . .!

4 comments:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
    http://ahasgawwenehalokaya.blogspot.com

    ReplyDelete
  2. මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.com

    ReplyDelete