Total Pageviews

Thursday, November 5, 2015

අම්මලා



නුඹේ සිත දුක දැනී
රබර් තුරු කඳුළු දියවර සලයි
එම කඳුළු බිඳෙන් බිඳ
තුරින් තුර සක්මනින් එකතුකර
පණම් හතරක් සොයයි
අපේ කුස ගිනි නිවෙයි

නුඹට බැඳි ආදරෙන්
තේ යාය පීදිලා ළා කොළට
ගොසින් පඳුරෙන් පඳුර
ළා කැකුළු නෙලා ගෙන පොදි බඳියි
කිලෝ ගණනට කිරයි
නුඹෙ ශ්‍රමය අලෙවි වෙයි
අප වේල පිරිමැසෙයි

ගල් කොරියෙ ගල් බෝර පත්තුවේ
නුඹෙ අතින් පුංචියට ගල් තැලෙයි
අත් වැසුම්, මුව වැසුම්
ඇහැට වත් දැක් නැතත්
කැස්ස, ගත රුජාවන් අඩු නොමැත
නුඹ නිසා අපෙ ගෙදර බත ඉදෙයි

ඉණක් මඩවතුරෙ බැස
පෙඟුණු පොල් ලෙලි ගෙනැත්
ලෙලි තලයි, වෙර දමා
මුළු ගතේ
වියෙන ලණු රෝල් වෙයි
කොසු, මුහුන් සකස් වෙයි
නුඹෙ අතම අපට බත
සරි කරයි

2 comments: