Total Pageviews

Powered By Blogger

Friday, April 3, 2015

සිසිල් පැන් ඉසිනු මැන!





දැමුණු සිත් යහපත්ය
අකුසලෙහි නොම ඇලෙති
සන්සුන්ය තිදොරින්ම
ඉරියව්ද තැන්පත්ය

ලද දෙයින් තුටු වෙත්ය
අනුන් දෙය ලොල් නොවෙත්
කයින්, මනසින්, සිතින්
තුන්දොරම සංවරය

අනුන් දොස් නොදකිත්ය
අනුන් ගුණ පසසත්ය
බ්‍රහ්ම විහරණ සතර
නිතින් සිත සපිරෙත්ය

මුසා, කේලම්, පරුෂ,
හිස් වචන නොදොඩත්ය
වචනයෙන් වන පවින්
නිරතුරුව වැළකෙත්ය

කයින් වන් අකුසල්ද
කිසිවිටෙක නොකරත්ය
සිතින් වන පව් කිසිත්
සිහිනෙනුත් නොම වෙත්ය

එවන් වූ ජීවිතය
තමන්ටද අනුන්ටද
මහත් වූ සිසිලක්ය
කුසල් පිරි පැන් තොටකි

ඔබත් පැන් තොටක් වී
ගිනියම්ව ඇවිලෙනා
හාත්පස ලෝකයට
සිසිල් පැන් ඉසිනු මැන! 




2 comments:

  1. පුන් පෝ දිනේ අක්කණ්ඩිගෙන් සිසිල් පැන් දෝතක්.
    සාදූ සාදූ මෙවන් වූ දිවියක් සැමවිටම පතමී.

    ReplyDelete
  2. ලොකු මගහැරීමක්... මෙච්චර කාලයක් ලියපු බ්ලොගයකට අදයි අපි අාවේ.... බ්ලොගය නියමයි... විශේෂයෙන් ම කවි නිසා තවත් අගෙයි.... හැකි තරම් සින්ඩි වලට ඒන්න... අපේ සගයින්ගේ බ්ලොග් වලට ඒන්න... ඒ මගින් ඔබේ නිර්මාණයන් සගයින් අතරට යාවි... ජයවේවා

    ReplyDelete