skip to main  |
      skip to sidebar
          
        
          
        
අළුත්වැඩියා කුමට?
බිඳී යන සෙනෙහසට
දුක් කඳුළු සලන්නට
මහලු වැඩිදෝ දෙනෙත්?
බලාගෙන අහස දෙස
සුසුම් රැල් හෙළන්නට
නොතරම්ය, කියයි සිත්
හැර යාම ගැන සිතා
පරිතාප නොවෙන හද
මෙත් භාවනාවකම
දුරස් වීමම යෙහෙකි
හුදෙකලා වනු පිණිස
බැමි බිඳිනු පහසු වෙයි
ඇවිත් යනු පිණිස වත්
නොආවොත් වැඩි හොඳයි
අළුත්වැඩියා කුමට?
 
 
 
 
          
      
 
  
 
 
 
No comments:
Post a Comment