Total Pageviews

Powered By Blogger

Sunday, July 27, 2014

රාමසාන් සඳ

 













දුටුවාද රාමසාන් සඳ
නිමවන්නට උපවාස
මැද පෙරදිගින් කියන තුරු
සඳ දුටු බව
අපි බලා සිටිමු මෙහි

ඉමිතියාස් සමග ෆරීඩා
වටලප්පන් සමග කහ බත්
ගෙනෙන තුරු බලා හිටියා
අපි ළමා සන්දියේ


කවුරුත් කියන විදිහට
නෝම්බි ඉවර වූ පසු
රවුන්ඩේස් ගැහුවා අපි
චක් ගුඩුත් ඇද්දා
ජමාල් කාක්කා අපිට
ඩෙල්ටා ටොෆි අහුරු අහුරුත්
ගෙනැත් දුන්නා

අනේ දැන් අපි හුඟක් ඈතයි
ජමීලා ගේ සිනහව
තවමත් පෙනෙනවා මට
රාමසාන් සඳ අස්සෙන් .
. .

1 comment:

  1. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete