Total Pageviews

Powered By Blogger

Wednesday, November 25, 2009

ඇෆ්ගන් ලඳුනි ........!


ඇවිදින සිර කූඩුවක් මැවෙයි
මසිත නුඹ දකින සඳ ලඳුනි..., ඇෆ්ගන්
කූඩුවල සිර වුණු කුරුල්ලන්
විඳියි නිදහස වඩා නුඹලට

සදා නොකියන දිවි කතන්දර
පෙට්ටගම් වල අගුලු දමලද
සිනා සඳ කැන් මුව මඬල රැඳි
'සලාංග්' කඳු වැටි අතර මිදිලද

ආදරය තහනම් වු දේශෙක
මුදලටම විකිණෙනා දැරියන්
වෙළඳ බඩු මිස අජීවී වූ
මනුෂ්යත්වය කොහිද පිරිපුන්?


1 comment:

  1. ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ අක්කණ්ඩි. මම මගේ උපන් ආගම ගැන කළකිරුණු ප්‍රධානම හේතුව තමයි ඔය. මොන ආගමෙන් උනත් මම ලංකාවේ ඉපදුන එකට නම් මං ගොඩක් සතුටු වෙනව.

    ReplyDelete