
මුත්තම්මා, දැන් උඹට
වයස වැඩියි
වැඩත් හරි හෙමිහිට
වත්තෙ වැඩට අපි
කෙල්ලන්වයි දැන් ගන්නෙ
ඒකයි, උඹේ වැඩ නැවැත්තුවේ
මහත්තුරු එහෙම කිව්වාට
මගේ අත, පය තවම තරුණයි
කංකානි අහගෙනයි මේ දෙබස
මුත්තම්මා, උඹ කැමතිද
කොළඹ යන්න?
වැඩත් අඩු, පඩිත් වැඩි
රස්සාවකට
හැබැයි ඇහුවේ හෙමිහිට
කංකානිට පන් දාහයි
බ්‍රෝකර් ගාස්තු
මුත්තම්මාට මාසෙට
පාළොස්දාහයි
කන කොට රස ආහාර
දෙවේලෙට, තුන්වේලට
හිත දුවන්නේ ලැයිමට
මුණුබුරන්, මිණිබිරියන්
අදත් රොටීම වෙන්නැති
මයියොක්කා කොළ මැල්ලුම් එක්කලා
උපයාගෙන යමක්
උන්ට දෙන්නට රස, ගුණ
පුළුවන් වේවි අද හෙට
හැම තැනම බුලත් කෙළ
මොන කරදයක්ද මේ වැඩ
නෝනාගෙ බිරිසුම
බුලත් විට කන්නේ අපි
පුරුද්දටමයි නෝනේ
බත් නැතුව නම් උන්නැකි
කහටයි, බුලත් නැතිනම්
ඇඟ පතට නෑ හයියක්
බුලත් කෑමේ වරදට
ආයෙත් මුත්තු වත්තට
කන්දස්සාමි කදිරා!
උරුම නැද්දෝ අපහට
සැපක් සතුටක් කිසිම කාලෙක?
පුෂ්පා රම්ලනී
අදයි ආවේ. ලස්සන හැඟීම් බර පැදි පෙලක්.
ReplyDeleteම්හ් හරි ලස්සනයි. මාත් අද ආවේ.
ReplyDeleteප.ලි.
පාර කිව්වේ අජිත් අයියා...
ලස්සනයි, ගම මතක් උනා.
ReplyDelete