Total Pageviews

Powered By Blogger

Saturday, January 18, 2014

නිදහස් කලාපයේ ඇලුත්ම කතන්දරය

 



යාල්පානමේ ඉඳලා
නිදහස් කලාපයට ආව ඉගිල්ලී
නළලේ පොට්ටු මකා මැසිමේ ලයමානෙට
ගයන කිරිල්ලී
යුද්දෙන් ඉරුණු දිවිය-දිරියෙන් එළලන්නට
හැකිද නොසෙල්ලී
අත්තටු සිඳිනු නොදී-සිහිනය දළු ලන්නට
දෙන්න කිරිල්ලී


අසු අරා ඇවිත්-කුමාරයෙක්
වීදි සරාවී
නුඹෙ සිනා කුසුම් නෙලා ගන්න
බැල්ම හෙළාවී
සින්ඩරෙල්ලාසෙ ගෙනයන්නට
සිහින පුරාවී
අන්තිමේ සපත්තුව විතරක්
නුඹ සතු වේවී

නුඹෙ සුසුම් වදන් දොරේලාට
නම් තෙරි ඉල්ලේ
ඔය මැෂින් එකත් කැරකෙන්නේ
නිති ලතැවිල්ලේ
කර වටේ රඟන රන් දම්වැල
අතේ වළල්ලේ
දහදියේ සුවඳ රන් විණිමය
රටටයි කෙල්ලේ

පුෂ්පා රම්ලනී

No comments:

Post a Comment