Total Pageviews

Powered By Blogger

Sunday, September 30, 2012

දැනුත් පමා නැත

සිරිත් විරිත් අළු කොට ගඟ දියට දමා
සිතත් ගතත් බටහිරටම දමපු ළමා
නටත් ගයත් මත් දියරින් දෙතොල තෙමා
දකිත් දෙනෙත් වැටුණා කඳුලකින් තෙමා

බසේ මව්බසට වැඩි එතෙර බස වෙතේ
කුසේ දරා සිටි මවුටත් සෙනේ නැතේ
තොසේ සිටිනු කෙළෙසින් දැයි මහට සිතේ
කෙසේ මෙලෙස විණිදැයි මට කියන් පුතේ

මව් කිරි බී ඇති දැඩි වුණු බිළින්දා
සිව්සැට බරණ නැතුවත් ඇන්දා පැළැන්දා
කව් සිළුමිණට විටෙකදි ආල බැන්දා
හව් හරණක් නැතුව දැන් විඳියි නින්දා

කාසි පණම් ඇති බව සැක හැර දනිමි
වාසියට නැවෙන නුඹ දැක කලකිරෙමි
ලේසි සියලු දේ නුසුදුසු බව කියමි
පාසි නොබැඳි පෙරැලෙන ගල සිහි කරමි

දැනුත් පමා නැත එන්නට සුදුසු මග
අනුත්තර වන්න නම් උවමනා නැත
සිලුත් නොබිඳ තෝරා වරද නිවරද
තෙලුත් මලුත් ඇත වැඳ ගන්න අවසර !




No comments:

Post a Comment