සබඳ, මට නුඹ විටෙක
සිනා මල් පඳුරක්ය
ගායනා කළ නොහැකි
සුගායන පිරිතක්ය
කාන්සිය දුරු කරන
සිහිල් පැන් පොකුරක්ය
පාන් පැල සේ එළිය
ගෙනෙන පින් මලුවක්ය
දුරින් සිටියද දෙදෙන
සිතින් සෙනෙහින් නොවෙද
තුටු කලෙක නැති වුවත්
දුකෙහි ළං වෙමු එකට!!
Showing posts with label Poetry. Show all posts
Showing posts with label Poetry. Show all posts
Monday, February 28, 2011
අම්මෙ නුඹෙ අරගලය
ගල් වලේ ගල් බෝර
නුඹට ස රි ග ම වීය
අත්ල, අතැඟිලි පුරා
සුපිපි කරගැට බෝය
අකුරු කරවා සොඳින්
සරසවිය නිමා කොට
ඇවිත් නුඹෙ දෑත්වල
සඳුන් තෙල් ගල්වමිය
'අල' කියන්නේ අපට
ප්‍රගතිශීලි අයයි
අම්මෙ නුඹෙ අරගලය
දිනා දෙන්නට මිසක
අනෙක් අරගල දිනන
අරමුණක් නැත මහට
නුඹට ස රි ග ම වීය
අත්ල, අතැඟිලි පුරා
සුපිපි කරගැට බෝය
අකුරු කරවා සොඳින්
සරසවිය නිමා කොට
ඇවිත් නුඹෙ දෑත්වල
සඳුන් තෙල් ගල්වමිය
'අල' කියන්නේ අපට
ප්‍රගතිශීලි අයයි
අම්මෙ නුඹෙ අරගලය
දිනා දෙන්නට මිසක
අනෙක් අරගල දිනන
අරමුණක් නැත මහට
Sunday, February 6, 2011
හෑල්ලුවට ගත් ලෙන්ගතු කම
පහුරු ගාන විට
අතීතය
නුඹ ඇවිත් සිනා සෙයි
මගෙ හිතේ
දෝර ගැලු
ලෙන්ගතු කමට
හෑල්ලුවට ගත්තා
හැමතිස්සෙම
අවිහිංසක
සා පැටික්කිව
හදාපු මාළිගා සේරෝම
කුඩු පට්ටම් කළා
නපුරු කුඩම්මෙක් සේම
සුදු යකඩ මුද්දක්
පළඳලා
කිරි සප්පයෙක්
අතට දීලා
යන්ට ගියා වහන් වී
පැදුරටත් නොකියාම
ඒත් සහතිකයි
සාප කරන්ට
ඉඩ දෙන්නෙ නැහැ
මයෙ හිත
ප්‍රේම කළ හිතකින්
සාප කරන එක
පාපයක්
මහ පොළව නූහුලන!
අතීතය
නුඹ ඇවිත් සිනා සෙයි
මගෙ හිතේ
දෝර ගැලු
ලෙන්ගතු කමට
හෑල්ලුවට ගත්තා
හැමතිස්සෙම
අවිහිංසක
සා පැටික්කිව
හදාපු මාළිගා සේරෝම
කුඩු පට්ටම් කළා
නපුරු කුඩම්මෙක් සේම
සුදු යකඩ මුද්දක්
පළඳලා
කිරි සප්පයෙක්
අතට දීලා
යන්ට ගියා වහන් වී
පැදුරටත් නොකියාම
ඒත් සහතිකයි
සාප කරන්ට
ඉඩ දෙන්නෙ නැහැ
මයෙ හිත
ප්‍රේම කළ හිතකින්
සාප කරන එක
පාපයක්
මහ පොළව නූහුලන!
Saturday, August 28, 2010
පැවැත්මේ සූත්‍රය
පහදා දෙන්න සරලව
අලුත් පැවැත්මේ සූත්‍රයක්
සාත්‍රේ ගේ සූත්‍ර
ව්‍යාකූල කෙළෙන්
මස්තීෂ්ක සෛල
ගැට ගසා ස්නායු අන්තවලට.
නිර්වින්දනය වී ඇත
චෛතසික දෙපණසම.
ජවන් සිත් ඉපිද නැසෙයි
නැසි, නැසී ඉපදෙයි
එහෙත් පැවැත්මේ සූත්‍රයක් නැතිව
පවතින්නේ කෙළෙස?
අලුත් පැවැත්මේ සූත්‍රයක්
සාත්‍රේ ගේ සූත්‍ර
ව්‍යාකූල කෙළෙන්
මස්තීෂ්ක සෛල
ගැට ගසා ස්නායු අන්තවලට.
නිර්වින්දනය වී ඇත
චෛතසික දෙපණසම.
ජවන් සිත් ඉපිද නැසෙයි
නැසි, නැසී ඉපදෙයි
එහෙත් පැවැත්මේ සූත්‍රයක් නැතිව
පවතින්නේ කෙළෙස?
Thursday, August 26, 2010
පතල් කරුවාගෙ බිරිඳගේ කවි
වංගුවෙන් ඇදුණාය බස් එක කලුවරට
පංගු පේරුවටද නාවේ ම'ඇත් රජ
ඩෙංගු මදුරුවොත් තලමින් රඟන වට
උංගු කෙලී වැළපෙන හැටි පෙනෙනවද
පොලුත් තෙලුත් නැතුවා උයනට රසට
දෙලුත් තැම්බුවා ලුණු ඉහගෙන කන්ට
අළුත් මාළු කොයි ඇඹුලට හින්දන්ට
සිලුත් බිඳෙනවා අග හිග කම් වලට
පාළොස්වකට සිල් ගත්තා බඩගින්න
හීලත්, දවල් දන් දුන් අය නිවන් දකී
හතර පෝයටම ඇත්නම් අට සීලේ
ගෙදර අපායෙන් මං ගැලවෙනවාමයි
පතල් කවි නොකියා එෆ්.එම්. අහන හිමී
කරවල, රට හාල් අර ගෙන එන්න හොඳයි
මඩේ එරෙන පා යුග, දෑතේ කූඩේ
ගරන මැණික් සැප දෙන්නේ කා හටද?
පංගු පේරුවටද නාවේ ම'ඇත් රජ
ඩෙංගු මදුරුවොත් තලමින් රඟන වට
උංගු කෙලී වැළපෙන හැටි පෙනෙනවද
පොලුත් තෙලුත් නැතුවා උයනට රසට
දෙලුත් තැම්බුවා ලුණු ඉහගෙන කන්ට
අළුත් මාළු කොයි ඇඹුලට හින්දන්ට
සිලුත් බිඳෙනවා අග හිග කම් වලට
පාළොස්වකට සිල් ගත්තා බඩගින්න
හීලත්, දවල් දන් දුන් අය නිවන් දකී
හතර පෝයටම ඇත්නම් අට සීලේ
ගෙදර අපායෙන් මං ගැලවෙනවාමයි
පතල් කවි නොකියා එෆ්.එම්. අහන හිමී
කරවල, රට හාල් අර ගෙන එන්න හොඳයි
මඩේ එරෙන පා යුග, දෑතේ කූඩේ
ගරන මැණික් සැප දෙන්නේ කා හටද?
Tuesday, August 17, 2010
අනේ! මට විඩාවයි
ඔබ මගෙන් කොතෙක් නම්
ප්‍රශ්න විමසා ඇත්ද?
මමත් පිළිතුරු දුනිමි
හැමෙකටම
කෙළවරක් නැති ප්‍රශ්න...
නොඅසන්න යලි මගෙන්
අහස සේ ආදරේ දැයි කියා
තරු ලෙසින් නොමිණියැකිදෝ කියා
සයුර සේ අනන්තයි දෝ කියා
අනේ! මට විඩාවයි, මේ දිවිය
ක්ලාන්තයි...ක්ෂුධාවයි
ආදරය යන දෙයින් ඔබ්බට
යමක් නැතිදෝ අනේ හැබෑටම?
ප්‍රශ්න විමසා ඇත්ද?
මමත් පිළිතුරු දුනිමි
හැමෙකටම
කෙළවරක් නැති ප්‍රශ්න...
නොඅසන්න යලි මගෙන්
අහස සේ ආදරේ දැයි කියා
තරු ලෙසින් නොමිණියැකිදෝ කියා
සයුර සේ අනන්තයි දෝ කියා
අනේ! මට විඩාවයි, මේ දිවිය
ක්ලාන්තයි...ක්ෂුධාවයි
ආදරය යන දෙයින් ඔබ්බට
යමක් නැතිදෝ අනේ හැබෑටම?
Sunday, August 8, 2010
සහජීවනය බිඳී
යුද්ධය, සුනාමිය....
පමණක්ද?
අසංවිධිත සංවර්ධනය
උදුරා ගත්තා නොවෙද
නුඹලාගේ
නිශ්චල මෙන්ම චංචල
දේපලද?
පාලකයන් පිරිසක්
ස්වර්ණ භූමියට
ඔප්පු ප්‍රදානය කොට
සිව් සියක් දිග අණ බෙර ගසා
ලියා දුන් භූමියම
තවත් රජුන් පිරිසක්
වෙන් කළෝ
අභය භූමි ලෙස
තවත් කලෙකට පසුව
එම බිම්ම
සංචාරක පුරවර ලෙස
නම් කළා
ජනතාවට
යන එන මං අහිමි කොට
වනයෙන් අල්ලා
රැක බලාගත්
අලි ඇතුන් අනාථාගාර වල
පටවා පත ලොරියකට
දක්කන් ගිහින් හැළුවා
වනයක් දුටු සැණින
මිනිස් වාසයට ඔබ්බෙන්ම
ඉතින්....
කිරි පොවා, හදා වැඩූ
වන සපුන්
මිනිස් සුවඳට,
සෙනෙහසට ඉව කරමින්
නුපුරුදු වන වාසය
නොඉවසමින්
ඇදේ කිරි සොයමින්
මිනිස් වාසයන් වෙත
හොඬවැල් දමයි
පැල්පත් කවුලුවෙන්
බියපත්ව මිනිසුන්
පත්තු කර අලි වෙඩි
රතිඤ්ඤා, අලි ඩොන්, ගිනිහුළු....
අලි මිනිස් සහජීවනය බිඳී
අවුලක අනේ! දෙපාර්ශවයම
රජුන් හට අවුලක් නැත
පවුල් සුවසේම හිඳිනා නිසා
අනේ! රට වනසන
අසංවිධිත සංවර්ධනය
තේරුම් ගනු මැනවි,
මහ රජානෙනි!
අනවසර පදිංචි කරුවන් නම්
නොවේමැයි, ඔවුන්...
රටේ පුර වැසියන්ම මිස.
Wednesday, April 21, 2010
අපහසු සිහසුන
කුඩ කොඩි සේසත්
පතාක ධජ හැම
අකුලා දැමුවෙමි
අපහසු සිහසුන
ඔටුණු ද රන් මිණි
ඉවතට දැමුවෙමි
වට තිර පාවඩ
උඩට උඩු වියන්
අකුලා තැබුවෙමි
විදසුන් වඩනට
සසරින් මිදෙනට
අරණට නික්මෙමි
පතාක ධජ හැම
අකුලා දැමුවෙමි
අපහසු සිහසුන
ඔටුණු ද රන් මිණි
ඉවතට දැමුවෙමි
වට තිර පාවඩ
උඩට උඩු වියන්
අකුලා තැබුවෙමි
විදසුන් වඩනට
සසරින් මිදෙනට
අරණට නික්මෙමි
නුඹට පිදුණු මා සිත් මල
රන් දුනුකේ මල් සුවඳට
නුඹ ඇදුණත් පෑල දොරින්
නුඹට පිදුණු මා සිත් මල
තිර හැඟුමින් මෙතෙර රුවින්
පත් ඉරු වල ලියු සුවහස්
නිසඳැස් සහ සඳැස් පද්‍ය
ලොව කියවනු නොරිසි හෙයින්
එසියල් පැදි පෙට්ටගමක
බහා ලුවෙමි හොර රහසේ
නැකැත් පොරොන්දම් කුමකට
අපේ දෙසිත් සම වෙයි නම්
ඇවිත් ගමට කාර බඳිමු
කූඩු හදන්නට සුබ දින
නුඹ ඇදුණත් පෑල දොරින්
නුඹට පිදුණු මා සිත් මල
තිර හැඟුමින් මෙතෙර රුවින්
පත් ඉරු වල ලියු සුවහස්
නිසඳැස් සහ සඳැස් පද්‍ය
ලොව කියවනු නොරිසි හෙයින්
එසියල් පැදි පෙට්ටගමක
බහා ලුවෙමි හොර රහසේ
නැකැත් පොරොන්දම් කුමකට
අපේ දෙසිත් සම වෙයි නම්
ඇවිත් ගමට කාර බඳිමු
කූඩු හදන්නට සුබ දින
Sunday, April 18, 2010
තරුමල්
සඳ වට්ටියට
කඩා තරුමල් අහුරක්
ඇලෙව්වෙමි
නීල වළා සළු මත
සැරසෙනු පිණිස
හැර ගිය පෙම්වතාගෙ
මගුල් ගෙදර යන්නට
කඩා තරුමල් අහුරක්
ඇලෙව්වෙමි
නීල වළා සළු මත
සැරසෙනු පිණිස
හැර ගිය පෙම්වතාගෙ
මගුල් ගෙදර යන්නට
Thursday, April 15, 2010
'රන් කුමරයි, රන් කුමරියි'
'රන් කුමරයි, රන් කුමරියි
රටින් පලච්චී
ගෙදර හිටපු පොකුටු කෙල්ල
දීග පලච්චී
තක දොන් දීග පලච්චී'
රබන් පද ඇහෙනවා
සුරල් සුරු වැයනවා
පොකුටු නැති ඉරටු කෙස්
නැකැත් පොත් වහනවා
දරු මල්ලො වඩා ගෙන
එතිය අවුරුදු කන්න
තෑගි බෝගත් ඉහින්-
කණින් බෝ දරා ගෙන
පිළි කන්නෙ බංකුවට
නිතොර ඇන තියා ගෙන
අනේ මම ඉන්නවා
දුර ඈත බලාගෙන
කලු කුමර දිෂ්ටියත්
නැහැ ඇලෙහි, දොළෙහිවත්
ඉන්න තැනෙකට මාව
කුදලගෙන යන්නවත්
සඳත් අව පසටමැයි
නැකැත් නැහැ අපලමැයි
වෙතොත් කුමරෙක් එලොව -
වත්, ඇවිත් යනු හොඳයි
රටින් පලච්චී
ගෙදර හිටපු පොකුටු කෙල්ල
දීග පලච්චී
තක දොන් දීග පලච්චී'
රබන් පද ඇහෙනවා
සුරල් සුරු වැයනවා
පොකුටු නැති ඉරටු කෙස්
නැකැත් පොත් වහනවා
දරු මල්ලො වඩා ගෙන
එතිය අවුරුදු කන්න
තෑගි බෝගත් ඉහින්-
කණින් බෝ දරා ගෙන
පිළි කන්නෙ බංකුවට
නිතොර ඇන තියා ගෙන
අනේ මම ඉන්නවා
දුර ඈත බලාගෙන
කලු කුමර දිෂ්ටියත්
නැහැ ඇලෙහි, දොළෙහිවත්
ඉන්න තැනෙකට මාව
කුදලගෙන යන්නවත්
සඳත් අව පසටමැයි
නැකැත් නැහැ අපලමැයි
වෙතොත් කුමරෙක් එලොව -
වත්, ඇවිත් යනු හොඳයි
Saturday, February 13, 2010
සෙදෝනා
නිසොල්මනේම සිටියා සෙදෝනා
මල් පොකුරු, මල් වඩම්
වට කර ගෙන
කුරුවිට අයියා කළා ගුණ කතනයක්
සුනේත්‍රා කීවා කවියක්
අන්තිමට කවි පද හිර වී
ස්වරාල අතර ...
ඇස් වලයි පිරුණේ
වියෝ දුක
අපේ ඇස් අගටත්
හීන් තෙතමනයක් එකතු කර
මාලා හැඬුවා
ඉකි ගගහ
උහුලන්න අමාරුයි
ළඟින්ම හිටි කෙනෙක්
සමුගන්න හදනකොට සදහටම
අපි සේරෝම ගියා ඇය කැටුව
ඇගේ පසු පසින්
සෙදෝනා, ලැයිසා එහෙමත් .......
අපිත් එක්ක අත් අල්ලගෙනම ගියා
සුමිත්‍රා, කරුණක්කා
අනෝමා, තිලිනා, සුනේත්‍රා
හමුවුණා කාලෙකට පස්සෙ
ඊවටත් සතුටු ඇති
අපිව මුණ ගැස්සෙව්වවට
ඒත් එයා හිනා නොවීම
විදුලි ආදාහනාගාරයට
යද්දී . . .
බලන් ඉන්න බැරුව
අපි ආපසු හැරුණා
ඊවා හිටියා ආපහු එද්දිත්
සෙදෝනගෙ සිරුරෙ වෙලිලා
මට දැණුනා ඇගෙ සුසුම්
තවමත් උණුසුමට
මල් පොකුරු, මල් වඩම්
වට කර ගෙන
කුරුවිට අයියා කළා ගුණ කතනයක්
සුනේත්‍රා කීවා කවියක්
අන්තිමට කවි පද හිර වී
ස්වරාල අතර ...
ඇස් වලයි පිරුණේ
වියෝ දුක
අපේ ඇස් අගටත්
හීන් තෙතමනයක් එකතු කර
මාලා හැඬුවා
ඉකි ගගහ
උහුලන්න අමාරුයි
ළඟින්ම හිටි කෙනෙක්
සමුගන්න හදනකොට සදහටම
අපි සේරෝම ගියා ඇය කැටුව
ඇගේ පසු පසින්
සෙදෝනා, ලැයිසා එහෙමත් .......
අපිත් එක්ක අත් අල්ලගෙනම ගියා
සුමිත්‍රා, කරුණක්කා
අනෝමා, තිලිනා, සුනේත්‍රා
හමුවුණා කාලෙකට පස්සෙ
ඊවටත් සතුටු ඇති
අපිව මුණ ගැස්සෙව්වවට
ඒත් එයා හිනා නොවීම
විදුලි ආදාහනාගාරයට
යද්දී . . .
බලන් ඉන්න බැරුව
අපි ආපසු හැරුණා
ඊවා හිටියා ආපහු එද්දිත්
සෙදෝනගෙ සිරුරෙ වෙලිලා
මට දැණුනා ඇගෙ සුසුම්
තවමත් උණුසුමට
Wednesday, November 25, 2009
චිංච මානවිකා
චිංච මානවිකාවියක්
ඉපල් දර බැඳගත්තු කුස නෙරා
අපහාස කරන්නී
ම'සෙනෙහස උදුරන්න
උදුරගෙන ඔටුණු හිමිකරගන්න
පෘතග්ජන සුන්දරී නන්දාව
මහා සමුදුර සේම
ස්නේහයෙන් පිරුණු සිත
උකසකට සින්න කර
මග බලා සිටින්නී
දෑස් රඳවා මගට
ඔහු රුවැති අසෙනි මල් පිපෙන තුරු
ඉපල් දර බැඳගත්තු කුස නෙරා
අපහාස කරන්නී
ම'සෙනෙහස උදුරන්න
උදුරගෙන ඔටුණු හිමිකරගන්න
පෘතග්ජන සුන්දරී නන්දාව
මහා සමුදුර සේම
ස්නේහයෙන් පිරුණු සිත
උකසකට සින්න කර
මග බලා සිටින්නී
දෑස් රඳවා මගට
ඔහු රුවැති අසෙනි මල් පිපෙන තුරු
Tuesday, October 20, 2009
සිහින මල්පෙති
සිහින මල්පෙති රැඳුන ඔබ අත
බිම වැටෙන්නට ඉඩ නොදී
ගනිමි දෝතට හෙමි හෙමින් මම
සෙනෙහෙ සුවිපුල් විල්තෙරේ
සිතක ලතැවුල ගොතන කවි මුතු,
පබලු රුව ගුණ මට දැනෙයි
නෙතක වැතිරුණ පිනි පියල්ලක
අරුත කියවනු හැකිය දැන්
ගිමන් කල හෝ වසත් කල හෝ
පූදිතොත් පෙම් නිල් උපුල්
හුදෙකලාවෙන් මිදෙනු ඇත
සිත කුරුලු ගීයක උනුසුමෙන්
බිම වැටෙන්නට ඉඩ නොදී
ගනිමි දෝතට හෙමි හෙමින් මම
සෙනෙහෙ සුවිපුල් විල්තෙරේ
සිතක ලතැවුල ගොතන කවි මුතු,
පබලු රුව ගුණ මට දැනෙයි
නෙතක වැතිරුණ පිනි පියල්ලක
අරුත කියවනු හැකිය දැන්
ගිමන් කල හෝ වසත් කල හෝ
පූදිතොත් පෙම් නිල් උපුල්
හුදෙකලාවෙන් මිදෙනු ඇත
සිත කුරුලු ගීයක උනුසුමෙන්
Monday, October 19, 2009
අහේතුක සිනහ
විරහව සොඳුරුද කෙතරම් නුඹ ගැනම කවි මිනි මුතු වන වැසූ දෑසේ නුඹම නලියන අහේතුකවම සිනහ නැලැවෙන තත්පරය කල්පය වන මුලු ලොවම අමතක වන සිහින ලොවකම තනිවන තවත් දිනකට පැතුම් පුරවන... එක රැයක් දහසක් වන සඳටම පිනි කඳුලු දෙන තරු කැට නිවා නොදමන නො එන තෙක් නුඹ, තනිකමම දෙන | |
සමාජ අවමානය
| |||
අපට අවනත නැත
අසංතෘප්ත මිහිකත
අහසට පළි ගසයි
ඉරි තැලුණු මුව තෙමෙන්නට
වැහි පොදක්
හෙලන්නැයි
මේ කුළු පලා ගොස්
කොහෙදෝ නොදන්නා සක්වලක....
ගහ වැල පලා පත් සලයි බිම
සෙනෙහස සිඳී
අපට අවනත නැත
කිසිත් අප අවට ඇති
අහසට පළි ගසයි
ඉරි තැලුණු මුව තෙමෙන්නට
වැහි පොදක්
හෙලන්නැයි
මේ කුළු පලා ගොස්
කොහෙදෝ නොදන්නා සක්වලක....
ගහ වැල පලා පත් සලයි බිම
සෙනෙහස සිඳී
අපට අවනත නැත
කිසිත් අප අවට ඇති
Wednesday, October 14, 2009
නුදුටු මොක් පුර
දෙවඟනන් ලබන්නට
නුදුටු මොක් පුර
තවමත් පුදයි ජීවිත
බඩ බැඳ ගෙන
බෝම්බ
නුදුටු දෙවඟනන් හෝ
දෙවීයන් වෙනුවෙන්
මරා දමන්නේ ඇයි
ඇස ගැසෙන සොයුරන්
එක බඩ වැළ
කඩාගෙන නාවත්?
නුදුටු මොක් පුර
තවමත් පුදයි ජීවිත
බඩ බැඳ ගෙන
බෝම්බ
නුදුටු දෙවඟනන් හෝ
දෙවීයන් වෙනුවෙන්
මරා දමන්නේ ඇයි
ඇස ගැසෙන සොයුරන්
එක බඩ වැළ
කඩාගෙන නාවත්?
Tuesday, October 13, 2009
හේමන්තය
හේමන්තය දොරකඩට ඇවිදින්
සීතල ඊතල විදියි
කාත් කවුරුවත් නැති කෙනෙක්
උණුසුම් වන්නට
ගොරෝසු කම්බිලියක
දෑත් අතරට මැදිවී ..........
පිපිරුණු දෙතොලින්
වියෝ ගීයකට
මුල පුරයි
සීතල ඊතල විදියි
කාත් කවුරුවත් නැති කෙනෙක්
උණුසුම් වන්නට
ගොරෝසු කම්බිලියක
දෑත් අතරට මැදිවී ..........
පිපිරුණු දෙතොලින්
වියෝ ගීයකට
මුල පුරයි
බිඳෙන බඩු
අඩුක් කළෙමි හදවත
කිසිවෙකුටත් නොපෙනෙනන්නට
රහසේ
ක්ෂිතිජයේ ඈත කෙළවරක
එහෙත් කවුදෝ
මටත් නොදැනෙන්නට
අරගෙන ගිහින් ........
කොතෙක් කල්
රැක බලා ගනීවිද
නොදනිමි
අතාරින්නේ නැතුව
පොළවට
'බිඳෙන බඩු
ප්රවේසමෙන්'
ලේබලය අලවන්නට
අමතක විණි
කිසිවෙකුටත් නොපෙනෙනන්නට
රහසේ
ක්ෂිතිජයේ ඈත කෙළවරක
එහෙත් කවුදෝ
මටත් නොදැනෙන්නට
අරගෙන ගිහින් ........
කොතෙක් කල්
රැක බලා ගනීවිද
නොදනිමි
අතාරින්නේ නැතුව
පොළවට
'බිඳෙන බඩු
ප්රවේසමෙන්'
ලේබලය අලවන්නට
අමතක විණි
Subscribe to:
Posts (Atom)

