වංගුවෙන් ඇදුණාය බස් එක කලුවරට
පංගු පේරුවටද නාවේ ම'ඇත් රජ
ඩෙංගු මදුරුවොත් තලමින් රඟන වට
උංගු කෙලී වැළපෙන හැටි පෙනෙනවද
පොලුත් තෙලුත් නැතුවා උයනට රසට
දෙලුත් තැම්බුවා ලුණු ඉහගෙන කන්ට
අළුත් මාළු කොයි ඇඹුලට හින්දන්ට
සිලුත් බිඳෙනවා අග හිග කම් වලට
පාළොස්වකට සිල් ගත්තා බඩගින්න
හීලත්, දවල් දන් දුන් අය නිවන් දකී
හතර පෝයටම ඇත්නම් අට සීලේ
ගෙදර අපායෙන් මං ගැලවෙනවාමයි
පතල් කවි නොකියා එෆ්.එම්. අහන හිමී
කරවල, රට හාල් අර ගෙන එන්න හොඳයි
මඩේ එරෙන පා යුග, දෑතේ කූඩේ
ගරන මැණික් සැප දෙන්නේ කා හටද?
Subscribe to:
Post Comments (Atom)
නියම කවි ටික......
ReplyDeleteඇත්ත ඇතිසැටියෙන් කියල තියෙන අපූරුව...
ReplyDeleteලොකුම කතාවක්.
ReplyDeleteසරළ පද පේලි කිහිපයකින්.
මං හිතන්නෙ මේක කියන්න පුලුවන් හොඳම විදිහ.
ඇත්තටම නියමයි.
(ඔයාව අපි අඹ ගහ යට ට ලින්ක් කරගත්තා.)
අදහස් දැක්වීම් වලට තුති. ඒවා මට සවිය, දිරිය දෙන පෝෂ්‍ය පදාර්ථ වගෙ.
ReplyDeleteඅතරින් පතර වැටෙනා මඩ සූරාන
ReplyDeleteකලුගල් බිත්ති අතරින් රුපියල් හොයන
මම වෙමි පතල් වැසියා මැණික නොරකින
අමාවක මිසක් පතලට නැහැ පෝය
පෙහෙවස් සීල කුස ගිනි නිවනා බව කියන
නුඹ ඇයි කියන්නේ අග හිගකම් රටට
නොකියා හිතේ ඇවිලෙන රග ගිනි රහට
හිතුවක්කාරයා http://hithuwakkaraya.blogspot.com/
පතලට පනින්නේ මම ඇහැ පියාගෙන
ReplyDeleteඅතරින් පතර වැටෙනා මඩ සූරාන
කලුගල් බිත්ති අතරින් රුපියල් හොයන
මම වෙමි පතල් වැසියා මැණික නොරකින
අමාවක මිසක් පතලට නැහැ පෝය
පෙහෙවස් සීල කුස ගිනි නිවනා බව කියන
නුඹ ඇයි කියන්නේ අග හිගකම් රටට
නොකියා හිතේ ඇවිලෙන රග ගිනි රහට
හිතුවක්කාරයා