සිය පෙම්වතා සිප ගත් වරදට
චෝදනා එල්ල වූ ඇයට
තුන් මසක සිර දඬුවමක් නියම විණි
බරපතල වැඩ සහිත
දුරාචාරයේ යෙදෙමින්
උල්ලංඝණය කළාට
දණ්ඩ නීති සංග්‍රහය
එතුන් මස ගෙව්වා ඇය
බරපතල වැඩ සහිතවම ....
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්
ඇගේ ගර්භාෂයට
ශුක්‍රාණු හැලුවා
පාහරයන්
හැම ජාතියකම
ඉතින් ......
බරපතල වැඩ සහිත
සිර දඬුවමේ,
එතුන් මස ගෙවුණු පසු
ඇයව බලහත්කාරයෙන්
ගෞරවණීය ජීවිතයකට
යොමු කළාහුය,
ශුද්ධවන්තයෝ.
රඳවා ඇයව
පුරවරෙක නාඳුනන
ඇයත් සෙව්වා
රැකවරණය .....
එම පුරවරද
අඩුවක් නැතිවම
ප්‍රදානය කළා, ඇයට
ගෞරවනීය පුරවැසිභාවය!
අස්‍රා අබ්බාස් - පකිස්තානය
පරිවර්තනය - පුෂ්පා රම්ලනී
චෝදනා එල්ල වූ ඇයට
තුන් මසක සිර දඬුවමක් නියම විණි
බරපතල වැඩ සහිත
දුරාචාරයේ යෙදෙමින්
උල්ලංඝණය කළාට
දණ්ඩ නීති සංග්‍රහය
එතුන් මස ගෙව්වා ඇය
බරපතල වැඩ සහිතවම ....
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්
ඇගේ ගර්භාෂයට
ශුක්‍රාණු හැලුවා
පාහරයන්
හැම ජාතියකම
ඉතින් ......
බරපතල වැඩ සහිත
සිර දඬුවමේ,
එතුන් මස ගෙවුණු පසු
ඇයව බලහත්කාරයෙන්
ගෞරවණීය ජීවිතයකට
යොමු කළාහුය,
ශුද්ධවන්තයෝ.
රඳවා ඇයව
පුරවරෙක නාඳුනන
ඇයත් සෙව්වා
රැකවරණය .....
එම පුරවරද
අඩුවක් නැතිවම
ප්‍රදානය කළා, ඇයට
ගෞරවනීය පුරවැසිභාවය!
අස්‍රා අබ්බාස් - පකිස්තානය
පරිවර්තනය - පුෂ්පා රම්ලනී
මේක නම් මාරම මාර විදියට වදිනවා. සුභ පැතුම් ලස්සන කවියකට..!
ReplyDeleteඅක්කන්ඩී ලිෂ් කිව්ව වගේ මේක මාරයි . . . ඇඟේ මයිල් කෙලින් වුනා කියවනකොට . . . මාරම මාරයි . .
ReplyDelete