Total Pageviews

Powered By Blogger
Showing posts with label ගී පද වැල්. Show all posts
Showing posts with label ගී පද වැල්. Show all posts

Monday, May 5, 2014

ඔබ මම ද නොවෙයි



පි.
ඔබ මම ද නොවෙයි
මම ඔබ ද නොවෙයි
ඔබ හැම මොහොතෙම සිතෙහි මැවෙයි
සෙනෙහෙ දියවරින් සිත සපිරෙයි

ගැ.
ඔබ මම ද නොවෙයි
මම ඔබ ද නොවෙයි
ඔබ විත් මට මා අහිමි කරයි
මසිතෙන් මා ගෙන ඉවත දමයි

අන්තරා 1

පි. සෙනෙහස කොඳුරන
    ඉඳුවර දෙනයන
    අලන්කාරයක් ඔබට ගෙනෙයි
ගැ. පිනි බිඳු හිනැහෙන
    මල් පිරි පුදසුන
    චමත්කාරයක් හදට ගෙනෙයි

ස්ථායි . මම ඔබ ද  . . . .


අන්තරා 2

පි.  මුදු ගී සරයෙක
    සල රූ තිරයක
    පැටලුණු සිත සිහිනයක වෙළෙයි

ගැ. පරවුණු කුසුමෙක
    වියැකුණු සුවඳෙක
    රැඳවුණු සිත භාවනා කරයි

   මම ඔබ ද නොවෙයි . . . . .

Saturday, January 18, 2014

නිදහස් කලාපයේ ඇලුත්ම කතන්දරය

 



යාල්පානමේ ඉඳලා
නිදහස් කලාපයට ආව ඉගිල්ලී
නළලේ පොට්ටු මකා මැසිමේ ලයමානෙට
ගයන කිරිල්ලී
යුද්දෙන් ඉරුණු දිවිය-දිරියෙන් එළලන්නට
හැකිද නොසෙල්ලී
අත්තටු සිඳිනු නොදී-සිහිනය දළු ලන්නට
දෙන්න කිරිල්ලී


අසු අරා ඇවිත්-කුමාරයෙක්
වීදි සරාවී
නුඹෙ සිනා කුසුම් නෙලා ගන්න
බැල්ම හෙළාවී
සින්ඩරෙල්ලාසෙ ගෙනයන්නට
සිහින පුරාවී
අන්තිමේ සපත්තුව විතරක්
නුඹ සතු වේවී

නුඹෙ සුසුම් වදන් දොරේලාට
නම් තෙරි ඉල්ලේ
ඔය මැෂින් එකත් කැරකෙන්නේ
නිති ලතැවිල්ලේ
කර වටේ රඟන රන් දම්වැල
අතේ වළල්ලේ
දහදියේ සුවඳ රන් විණිමය
රටටයි කෙල්ලේ

පුෂ්පා රම්ලනී

Tuesday, October 8, 2013

අසෙකු පිට මා දමා . . . .



මගෙ දෑත ලිහා දැමුවොත් බිඳක්
කාල වර්ණෙන් පාට ගන්වමිය, බිත්ති හැම
මගෙ සිහින කුරුටු ගා

වසංගත රෝග වැස්සක් වැටී
ලෝකයම මගෙ දෑතෙ
මිරිකිලා ගියා දෙන් . . .

දිග හැරුණු උකුල මත ලිහා දැමු
කාල වාර්ණවු සිහින
කුරුසයේ ඇණ ගසා මරා ඇත
මගේ කිරි කැටි බිළිඳු
ගර්භාෂයේ දීම
අත් අඩංගුවට ගෙන.

මගෙ නිවස දොර අගුළු විවට කළ
අශ්ව ගාලක්ය දැන්

විනාශකාරීන් විසින්
මනාලියෙක් නොමැති අසෙකු පිට
මා දමා
පලවා හරිනු ලැබිණි
අඳුරු වූ වන පෙතට
මා වෙලූ විලංගුවෙ යදම් වැල
කවරෙකුට හසු වේද?

තීන්දුව දෙනු ලබන
කැලඹිලිකාර දිනයට පෙර
මා අවට විසිර ඇති
වැරහැලිද කඩමාලු
එකතු කරගන්න මට ඉඩ දෙන්න
දරුවන්ව කරන්නට නඩත්තු
ඉඩ ලදොත් මිය යන්න පෙරාතුව.
වස බඳුන ඒ සමග
මුව පුරා හළා ගනු පිණිස වෙද?

ඉඩ දෙන්න, විලංගුව ගැලවෙන්න
කවූරුන්ද ග්‍රහණයට ගනු ඇත්තෙ
එසඳ දම්වැල දැඩිව. . . . ?


අස්‍රා අබ්බාස් - පකිස්තානය
පරිවාර්තනය - පුෂ්පා රම්ලනී

Sunday, October 6, 2013

ආයෙමත් නුඹ ඇවිත් මසිතට




නා ගසක් දළු සලයි හෙමිහිට
පාඩමක් සිහි කරයි සාහිත
මීදුමක් වී මැකෙන විගසට
ආයෙමත් නුඹ ඇවිත් මසිතට

එකට කියවූ පොත් ද කවි මැද
විකසිතය නුඹෙ සිත ද පන්හිඳ
දුකට පෙරලා නොගෙන සෙනෙහස
සකසගමු ජීවිතය යළි අප

රිදී කෙස් රැඳි බොකුටු කෙහෙරැලි
මිදී න්ළලත කියඹු නල වැදී
අදී අතැඟිලි ලඟට ගෙන යලි
විඳීඑ පෙම මගෙ උණුසුමට ලැදි

නුඹ මගේ නොවෙනා බවත් දැන
මා නුඹේ නොවෙනා බවත් දැන
අපි අපේ නොවෙනා බවත් දැන
පෙම් කෙරුම වරදක් ද පෙර මෙන

අසම්මත යැයි කියනු කවුරුද
සම්මතය නිමැවුවෝ කවුරුද
රංගනය නිම වන තුරුම ලොව
පෙම් කෙරුම පමණක්ය සැනසුම

ඇවිද ගිය මං පෙත් ද කඳු වැටි
රේල් පීලිද රඟ හල් ද වෙති
සුවඳ යටගිය දැනෙයි මට නිති
දැනෙන වද මට මෙන් කියන් සකි

 

Wednesday, April 25, 2012

කව් ගීයක්

සඳ හාද වෙන්න මුකුළු කරන සීත කලුවරේ
ඔබ පාද ස්වර ඉක්මන් ඇයි සිහින ගං තෙරේ
අද රෑට වියන සිහින හතම රඳවමින් නෙතේ
මුදු සේද සිනිඳු සළුවක්වී වෙලෙනු මා ගතේ


මට කෝල බැලුම්, ඉඟි බිඟි නැතුවාට කමක් නෑ
කට කාර කමට කියන කතා හිත පෙලන්නෙ නෑ
කර කාර බඳින්නට නැකතක් මට ඕනිම නෑ
මදහාස පිපෙන මුව මඬලට කළු වළා එපා


මගෙ දෙමාපියන් නුඹෙත් මාපියන් සේ සලකා
නුඹ දුවක් වෙයන් ඒ දෙපලට ලේලියක් නොවී
සඳ රැයක් දෙකක් නාවත් අහසට දුකක් නොවෙයි
තරු ඇතොත් ගෙදර සිරියාවයි අහසම පිරී තියෙයි