ඔබ කියන අයුරු මා
දෙවියන්ගේ ආශිර්වාදයක් නම්
ඇයිද මා ආත්මීයව විඳ වන්නේ?
අනුන්ගේ ද්වේෂයට හැම විටම
මුහුණ දෙමි
එසේවම දඬුවම් ලබන්නෙමි
මා කළ අපරාධය නොදැනම.
කිමද මා කළ වරද
උපත ලබනට මෙලොව?
බැගෑපත් ලෙස කියමි,
මගේ වරදක් නිසා නොවෙයි මා
ඉපැදුණේ දැරියක් ව
නොවී පුත්‍ර රත්නයක්.
දැරියක් ව ඉපදීම, මේ මා විලස
මගේ මහ පවක් යැයි, සිතයි ඔබ.
ඔවුහූ ම වද හිංසාවට පත් කරති
අවමනට, ගැරහුමට ලක් කරති
එහෙත් මට ඉන් මිදෙනු ඇවැසිමයි, ඉක්මණින්.
දෙතොල් මා අගුළු ලා . . .
පැතුම් මා වියලවා . . . .
අනෙක අවසරනැතිය මට
ලියන්නට, කියවන්න.
ආත්මයක් ඇත මෙහිද
හදවතක් ඇත මෙහිද
මේ වෙහෙසකාරී ප්‍රාණියාටද
අවශ්‍යය, ජීවත් වීමට
අවශ්‍යය, වැඩෙන්නට පරිපූර්ණව
එහෙත් (අ )වාසනාව!
ඔවුන් ඒ කිසිවක්ම සිදුවන්න ඉඩ නොදෙයි
අවස්ථාවක් ලද විගස
හළන්නට තැත් කරන බරකි, මා
පැතුම් මා සිත පතුල කැටි කෙරුණ
දැනගන්න
ලේ ගලන ම'හදවත
දැකගන්න
කිසිවෙකුට ඇවැසි නැත
ඔවුන් මා පවරාය යලිත් හිමිකරුවෙකුට
යලි යලිත් මේ එකම කතාවමකියවේවි
වෙනස් වනතුරුම උන් ආකල්ප
හැම ගැහැණු දරුවෙකුගේ සිතින් . . .
අෆ්සල් චෝහන් / පකිස්තානු කිවිඳියකි
( උර්දු බසින් ලියැවුණකි )
සයිකොප් -මුසාෆර්ගර් අනුග්‍රහයෙනි.
No comments:
Post a Comment