අවතැන්ව සිතැඟි, සිතුවිලි සරයි
නන්නාඳුනන ලැගුම් හල නොරිසි
ඔබ නොදුටු දෙනෙත් වැලි කැට වැදී
කෙවෙයි, සීරි ගලයි හද දියව
උන්මාදයක් නොවෙයි
සඳ දියෙන් මත්ව ආ
හැබෑ ලබැඳියාවයි සත්තකින්
නොවැටහෙන ඔබට, මට
යන්න නුඹ ඉදින් සත් සයුරු වැද
කාන්තාරයෙ සුපිපි පියුම වෙත
ඉඩෝරයෙ ඉරිතැලුණු දෙතොල් පෙති
තෙමන වැහි කඳුලු මට හිමි නොමැත
No comments:
Post a Comment