Total Pageviews

Powered By Blogger

Thursday, April 15, 2010

'රන් කුමරයි, රන් කුමරියි'

'රන් කුමරයි, රන් කුමරියි
රටින් පලච්චී
ගෙදර හිටපු පොකුටු කෙල්ල
දීග පලච්චී
තක දොන් දීග පලච්චී'




රබන් පද ඇහෙනවා
සුරල් සුරු වැයනවා
පොකුටු නැති ඉරටු කෙස්
නැකැත් පොත් වහනවා


දරු මල්ලො වඩා ගෙන
එතිය අවුරුදු කන්න
තෑගි බෝගත් ඉහින්-
කණින් බෝ දරා ගෙන


පිළි කන්නෙ බංකුවට
නිතොර ඇන තියා ගෙන
අනේ මම ඉන්නවා
දුර ඈත බලාගෙන



කලු කුමර දිෂ්ටියත්
නැහැ ඇලෙහි, දොළෙහිවත්
ඉන්න තැනෙකට මාව

කුදලගෙන යන්නවත්


සඳත් අව පසටමැයි
නැකැත් නැහැ අපලමැයි
වෙතොත් කුමරෙක් එලොව -
වත්, ඇවිත් යනු හොඳයි






සෙනෙහස

ලතා මඬුල්ලෙක

වළා කැරැල්ලක

කවි කොට ඇති යයි
සෙනෙහස මහරු



පවන් රැළෙක නැග

විමසා බැලුවෙමි

වට වැස්සට

සායම් බොඳ වීලා


Saturday, February 13, 2010

සෙදෝනා

නිසොල්මනේම සිටියා සෙදෝනා


මල් පොකුරු, මල් වඩම්


වට කර ගෙන





කුරුවිට අයියා කළා ගුණ කතනයක්


සුනේත්‍රා කීවා කවියක්


අන්තිමට කවි පද හිර වී


ස්වරාල අතර ...


ඇස් වලයි පිරුණේ


වියෝ දුක


අපේ ඇස් අගටත්


හීන් තෙතමනයක් එකතු කර






මාලා හැඬුවා


ඉකි ගගහ


උහුලන්න අමාරුයි


ළඟින්ම හිටි කෙනෙක්


සමුගන්න හදනකොට සදහටම





අපි සේරෝම ගියා ඇය කැටුව


ඇගේ පසු පසින්
සෙදෝනා, ලැයිසා එහෙමත් .......

අපිත් එක්ක අත් අල්ලගෙනම ගියා





සුමිත්‍රා, කරුණක්කා


අනෝමා, තිලිනා, සුනේත්‍රා


හමුවුණා කාලෙකට පස්සෙ


ඊවටත් සතුටු ඇති


අපිව මුණ ගැස්සෙව්වවට





ඒත් එයා හිනා නොවීම


විදුලි ආදාහනාගාරයට


යද්දී . . .


බලන් ඉන්න බැරුව


අපි ආපසු හැරුණා






ඊවා හිටියා ආපහු එද්දිත්


සෙදෝනගෙ සිරුරෙ වෙලිලා


මට දැණුනා ඇගෙ සුසුම්


තවමත් උණුසුමට









Sunday, February 7, 2010

රන් පිහාටුව

රත්තරන් හංසයෙක්
පියාඹා ගෙන ඇවිත්
රන් පිහාටුව හළා යන තුරා
බලා සිටියෙමි මමත්


උපන් දිනේට බටර් කේක් ගෙඩියක්වත්
ගෙනැත් දෙන්න හංදියේ බේකරියෙන්
මගේ බඩපිස්සිට


හංසයෙක් තියා
කොරවක්කෙක්වත්
ගෙමිදුල උඩින් පියාඹා ගියේ නැහැ
වැව පාරේම ගේ තිබිලත්

Wednesday, January 20, 2010

ජීවිතය නැවතිලා නොවෙයි!!!!!

ජීවිතය නැවතිලා නොවෙයි, එය නවතලා

දෑත් බැඳ, යදම් ලා දෙකකුලට

මගෙන් කිම උදුරගත්තේ මගේ

නිදහස?



කවි ලියන ගී ලියන

සිත යදම් දැම්මෙ ඇයි?

ගී ගයන, කවි කියන

හඬ ඇයිද ගොළු කළේ?



බිඳ දමා විලංගුද වරපටද

කඩිනමින්

මට පිහිට වන්න බැරිදෝ ඔබට?



එන්න මා මිතුරනේ, මිතුරියනේ
රැගෙන යනු මැන මාව
මේ රුදුරු සිර ගෙයින්

තවත් කල් රැඳුනොතින්
මෙහි මෙලෙස
සිහි විකල් වූ කතක්

ඉතිරි වෙනු ඇත නියති...


නුඹලාට මා අහිමි වනු නියති.....

Wednesday, November 25, 2009

ඇෆ්ගන් ලඳුනි ........!


ඇවිදින සිර කූඩුවක් මැවෙයි
මසිත නුඹ දකින සඳ ලඳුනි..., ඇෆ්ගන්
කූඩුවල සිර වුණු කුරුල්ලන්
විඳියි නිදහස වඩා නුඹලට

සදා නොකියන දිවි කතන්දර
පෙට්ටගම් වල අගුලු දමලද
සිනා සඳ කැන් මුව මඬල රැඳි
'සලාංග්' කඳු වැටි අතර මිදිලද

ආදරය තහනම් වු දේශෙක
මුදලටම විකිණෙනා දැරියන්
වෙළඳ බඩු මිස අජීවී වූ
මනුෂ්යත්වය කොහිද පිරිපුන්?


චිංච මානවිකා

චිංච මානවිකාවියක්
ඉපල් දර බැඳගත්තු කුස නෙරා
අපහාස කරන්නී 
ම'සෙනෙහස උදුරන්න
උදුරගෙන ඔටුණු හිමිකරගන්න


පෘතග්ජන සුන්දරී නන්දාව
මහා සමුදුර සේම
ස්නේහයෙන් පිරුණු සිත
උකසකට සින්න කර
මග බලා සිටින්නී 
දෑස් රඳවා මගට 
ඔහු රුවැති අසෙනි මල් පිපෙන තුරු