Total Pageviews

Powered By Blogger
Showing posts with label ජන කවි. Show all posts
Showing posts with label ජන කවි. Show all posts

Thursday, October 31, 2013

අද දරු නැලැවිල්ලක්
















අත වෙරළු රැඳුණු
දර හිස මතෙහි බැඳුණූ
පලා ඉණ වට එතුණූ
නුඹටමයි, නුඹ කුමට හඬනූ

කන්දට ඇවිලෙනා ගිනි
නැන්දට නොපෙනෙනා වැනි
හැන්දට ගො'කිරි පිරැවිණි
නින්දට යන්න ම'දියෙණි

නොරට ගිය නුඹෙ අම්මා
කණට තෝඩුද දැම්මා
පිනට වෙද ඒ අම්මා
නුඹට ලැබුණේ දැන් සිතම්මා

අම්මා සුදුයි සියුමැලි
අප්පා නගන මැසිවිලි
නොඅසා දුවේ සුකුමලි
නිදියන් අසා නැළවිලි


Wednesday, October 26, 2011

වැස්සක පෙර නිමිති

සස්සඳ සසඳ මැද හිඳිනා සාවුන්නේ
සස්සඳ වකෙන් වක මෝරා හිනැහෙන්නේ
ඇස් දෙක පියෙන්නට කලියෙන් සිතපන්නේ
තිස්සෙම ගැහැණු සිත් නම් නැහැ ඉවසන්නේ

සත් සඳ ගලේ ගිරවුන් පෙම් කෙළිණු දුටිම්
මත් වූ කෙවිලියක් පෙම් ගී පුරනු දුටිම්
සිත් සන්තොසින් එහෙ මෙහෙ පිය හඹනු දුටිම්
අස්තංගත හිරේ රත් පැහැ සිඹිණු දුටිම්

සත්සඳ කිරණ පුපුරා සඳ මෝරන්නේ
සස් සඳ කිරණ යට වරළස පීරන්නේ
සස්සඳ සකිය, කිම ඇය සිත පාරන්නේ
වැස්සක පෙර නිමිති නුඹ තෝරාගන්නේ

Wednesday, March 16, 2011

නූතන ජන කවි

අත්වල පිපුණු කරගැට මල් රිදෙනවද
රත් වුණු පොළව ඔබෙ දෙපතුල් සිඹිනවද
නෙත් බැම මතේ රන් දහදිය නැගෙනවද
පත්තර පිටුවකින් ගත ගිම් නිවෙනවද

පවනැල්ලක්ව ගත සරතැස නිවන්නෙමි
අරුනැල්ලක්ව දවසට සුබ පතන්නෙමී
සෙවනැල්ලක්ව දුක ලඟ නිදි වරන්නෙමී
හසරැල්ලක්ව මුව අද්දර පිපෙන්නෙමී

හිරේ සැඩ කිරණ සිහිලැල් පිණි වේවා
කුසේ ගින්න නිවනට බත සරි ඒවා
හිතේ සවිය පුර පස සඳ මෙන් වේවා
මගේ ඇත් රජුව කඳ දෙවි සුරකීවා