කමටහන් සොයන සිත විපිළිසර
ජවන් සිත් උප්පාද, ඨිති, භන්ග
මනස හිස් කරන්නට දැරු වෙහෙස
සම්මුතිය, පරමාර්ථ සටන් වැද
නිස්සරණ ජිවිතය කෙළවරෙක
අනිත්‍යය ගැහෙයි අවිනිශ්චිතව
ඉඟිමැරුව නෙත් අතීතයෙ ම'දෙස
කාච දැමුවද දෘෂ්ටියක් නැතිව
දෙතිස් රියනැති පිළිම පාමුලෙහි
පෙති හැළුණු පුෂ්ප සුවඳ ද වියැකි
අතර වැතිරෙන සිත ද මුදා ලමි
හැඟුම්, සිතිවිලි සියල් බැහැර කොට
සම්ප්‍රයෝගය සතුටු උළෙලක්ය
විප්‍රයෝගය බරැති සුසුමක්ය
සුළන් රැල් සුසුම් ගෙන පලා යයි
කඳුළු දිය කොපුල දිග ගලා යයි
No comments:
Post a Comment