සැන්දෑව තවමත් තරුණයි
කියන්නට තොල් නටන කොටම
පරවුණු හිරු වැටුණා මුහුදට
පළාතම රතෙන් සායම් කොට
තාරුකා පාවාඩ හෙළුවා
වළා සළු තුනියටම අහුරා
වඩින්නට රිදී සඳකට
අමතකව අමාවක බව
කළුවරත් තනිවී අඳුරේම
පාර ඇහුවා නිකමට වාගෙ
මලානික තරු දරුවෙකුගෙන්
ආදරය ඉල්ලා හඬන
කලුවරේ කඳුළු නොදැකම
ගඟ දියේ සැඩ වතුරට
සේදී ගලන සොඳුරු තාරුණ්‍යය
ඉවුරු වැල්ලේ සටහන් කළ කවි පද
ඇරුණු වාන් දොරටු වලින් ගලා ආ
සැඩ දිය පහරින් සුනු විසුණුව
උදුරා ගෙන ගියා මුහුදට
ලතෙත් කමක් නැතුවම පපු කුහරේ
No comments:
Post a Comment