කළුවරයි, පුර හඳත්
ඉකි බිඳින අහස ළඟ
සඳේ සාවියත් රට හැර ගිහින්
දහදියෙන් වැලිකතරෙ
පිපි ඩිරාම් විකසිතව
රුපියල්ව බැංකුවෙන් ආ කලට
සුරා පිරු විතය තොල රැඳෙන්නේ
නුරාවෙන් නෙත් රතට හැරෙන්නේ
සරාගික සිත සළෙල මතින්නේ
දුරාචාරයටමයි ඇදෙන්නේ
මවුන්ගේ ගවුම හැඳ වරෙන්නේ
දියණියට පියෙකු අණ කරන්නේ
මවු කෙරූ සියලු දෑ නොමින්නේ
කරන්නට ඇයට අණ ලැබෙන්නේ
කැකුළු මල තැලුණු, ගැබ් දරාගෙන
කෙළෙස මවගේ සෙනෙහෙ විඳින්නද
කෙළි කවට සිනහ වට බිම පරව
හති අරියි දැදුරු වූ මනසකින
Subscribe to:
Post Comments (Atom)
හ්ම්..
ReplyDeleteලස්සන පද වැලක්.. දුක් මුසු කථාවක්..
කීපයක්ම උනා නේද? ඒ අපිට අහන්න දකින්න ලැබෙන ඒවා.. ඒත් අහන්නෙ දකින්නෙ නැතිව තව කොච්චර නම්... අනේ මන්දා...