ලිවිය හැකි කෙනෙක් වෙද
එකම එක කවි පෙළක්
නිද්‍රෝපගත ම'සිත
අවදි කොට
උකටලී සිත් අහස
කවි තාරුකා නොපිපි
වස්සාන අඳුරු මේ කුළු ඉරුණ
ප්‍රභාෂ්වර කර යලිදු
හිරු සතක් නොවේ
එක ලා සඳක්
මෝදුවී ගුවන'රා
මන්දස්මිතයක් නගන තුරු
භද්‍ර කල්පයක් ඉවසිය යුතුද?
Saturday, September 10, 2011
Thursday, July 21, 2011
ඉන්දු සයුරේ මුතු ඇටය
බත් පත අතට ගත් විට
'ආසනික් භීතිකාව'
පිරවුම හළක් ළඟදී
'බාල තෙල් භීතිකාව'
...සොයා නොගතහොත්
එන්නතක්
අනේ! මහ රජුනි . . . . ,
භීතිකා තුරන් කෙරුමට
ඉන්දු සයුරේ මුතු ඇටය
වැඩි කල් නොගොසින්ම
මකර කටට . . .
'ආසනික් භීතිකාව'
පිරවුම හළක් ළඟදී
'බාල තෙල් භීතිකාව'
...සොයා නොගතහොත්
එන්නතක්
අනේ! මහ රජුනි . . . . ,
භීතිකා තුරන් කෙරුමට
ඉන්දු සයුරේ මුතු ඇටය
වැඩි කල් නොගොසින්ම
මකර කටට . . .
Friday, July 8, 2011
අකීකරු භාවනාව
නළලත තබා ගිය
වෙන්වීමේ සනිටුහන
තවමත් උණුසුම්ය . . .
දඟ කරයි
අත දරුවකු ලෙස
මැකී යන්නට පෙර
උණුහුම
එන්නේද යලි
කියා දෙන්නට ප්‍රේමය?
දෑස ඉඳිකඩ අද්දර
අකීකරු භාවනාවක...!
වෙන්වීමේ සනිටුහන
තවමත් උණුසුම්ය . . .
දඟ කරයි
අත දරුවකු ලෙස
මැකී යන්නට පෙර
උණුහුම
එන්නේද යලි
කියා දෙන්නට ප්‍රේමය?
දෑස ඉඳිකඩ අද්දර
අකීකරු භාවනාවක...!
Tuesday, May 17, 2011
අභිරූපී නන්දා ථෙරණිය
නිබඳ ලෙඩ දුකින් වනසට පත් වන
කුණු වී, දුගඳ හමා පිළිකුළ දෙන
මෙ සිරුර දෙස නුව්ණින්ම බලනු මැන
අසුභය, අසුභය බවුන් වඩනෞ මැන
20
"කෙළෙස් රහිත විදසුන් නිති වැඩුමෙන්
සිත පිරි මානය මුලින් සිඳිය යුතු
මානය නැසුමෙන් යථාවබෝධෙන්
තිර ලෙස යපත් දිවියක් හිමි වෙයි"
අප මහ භගවත් ගෞතම මුණිදුන්
නන්දා භික්ඛුණියට ඔවදන් සේ
සසරින් එතෙරෙව නිවන් දකින සේ
දෙසු සදහම් වෙයි, මැනැවින් දත යුතු
2.2 ජෙන්ත නම් රහත් තෙරණිය
21.
සප්ත බොජ්ඣංග බුදු හිමි දෙසු ලෙස
නිවන් පසක් කර ගැන්ම පිණිසමැයි
මම ද එම දහම් පසක් කර ගතිමි
සිතුම් දියුණු කර යහ මග ගත්තෙමි
22.
එදහම විණිවිද බුදු හිමි දුටුවෙමි
මෙය වෙයි මා දරනා අවසන් ගත
සසර ගමන කෙල්වර මම දැක්කෙමි
නොමැටිය යලි ඉපැදෙන භවයක් මට
2.3
23.
සුමංගල මාතා තෙරණිය ගේ ගාථා
මිදුණා, මිදුණා සියලුම කෙළෙසින්
මෝල ගහෙන්, හිමි ගෙන්, තුන් කුදයෙන්
පිසු බත් හැළීද පිළුණු දුඅඳ මැයි
විළිබිය නැති ගහපතිගෙ දුගුණ මෙන්
24.
'චිටි, ච්ටි' හඬිනේ ඇවිලෙන රා, දොස්
දුරින්ම දුරු කෙරුවෙමි මා මනසින්
රුක් සෙවනක හිඬ්හ් ඩ්Hයාන වඩන විට
නොනිම් සුවෙන් සිත සමාධි ගත් වෙයි
2.4
අඩ්ඪකාසී තෙරණියගේ ගාථා
25.
'කාශී' දනව්වට එන අය බදු සේ
කහවණු ලද්දෙමි සිරුර අලෙවි කොට
එයින් අඩක් වටිනා කම් දී මට
නම් කෙරුවෝ 'අභිසාරිකාව' ලෙස
26.
එනමුදු අනියත රූපය අතිරය
කලකිරුනෙමි, රාගය දුරු කෙරු වෙමි
ත්‍රිවිද්‍යාව විනිවිද දැක ගත්තෙමි
සසර මග දිගේ යලි නොම දිව යමි
2.5
චිත්තා ථෙරණියගේ ගාථා
27.
කෘශය, දුබල වෙමි, රෝගී වූයෙමි
ගත වීරිය, ශක්තිය දුරු වී ඇත
එනමුදු ගිජුකුළු පව්වට නැග්ගෙමි
සැරයටියක එල්ලී වීරිය ගෙන
28.
තබා පාත්‍රය මුණින් නවාලා
දෙපට සිවුරු පැත්තකින් තැබූයෙමි
වාඩිවෙමින් ගල් පව්වේ නිසලව
අවිදු කෙළෙස් ගනඳුඅ දුරු කෙරු වෙමි
2.6 මෙත්තිකා ථෙරණියගේ ගාථා
29.
ගෙවී තුරුණු විය, දුබලව සිටියෙමි
අනන්ත, අපමණ දුකින් විඳෙව්වෙමි
නමුදු සැරයැටිය අතකින් දරමින්
ගිජුකුළු මහ පව් තරණය කෙරුවෙමි
පාත්තරය සහ දෙපට සිවුරු ගෙන
පසෙක තබා සන්සුන්ව අසුන් ගෙන
බවුන් වඩා කෙලෙසුන් සිඳ දැමුවෙමි
බුදු සසුනේ මහ ඵලය ලැබූවෙමි
2.7 මෙත්තා ථෙරණිය
31.
දෙව් ලොව ඉපැදෙන්නට පෙර පැතුවෙමි
සතර පෝයටම අට සිල් රැක්කෙමි
32.
නමුදු දුටිමි සත්‍යය පසු කලෙකදි
හිස මුඩු කර පා, සිවුරු දරන්නෙමි
සිත පිරි කෙළෙසුන් සිඳ, බිඳ දැමු මම
නොපතමි යලි දෙව්ලොවක් කිසිදු විට
2.8 අභය මාතා ථෙරණිය
33.
"පින්වත් මෑණියනේ, සිහි නුවණින්
යටි පතුලෙන් උඩ, හිසකෙස් රොද යට
පවතින කුණු වෙන සිරුර බලනු මැන
අතිරය, ව්‍යසනයට පත්වෙන සුළු"
මා පුත් අභය තෙරුන් දෙසු විලසින්
පිරිසිඳ දුටුවෙමි දිවිය නිවැරදිව
රාගය පෙරටුවු කෙළෙස් දැවූයෙමි
නිවී සැනසුනෙමි, සිසිලස් වූයෙමි
2.9
35.
අභයා ථෙරණිය
‘අභයා පින්වත්, සිතන්න මෙසිරුර-
බිඳෙයි, සිඳෙයි පුහුදුන් අය ඇලුණද
එය දැන හඳුනා පිරිපුන් මනසින්
අත් හැර දැමුමයි, නිවනට එක මග’
දුක්, කම් කටොලින් ගහණය මෙදිවිය
අප්‍රමාදවම දහමෙහි හැසිරෙමි
තණ්හා, ආශා අත් හළ විටදී
දුටිමි, හැඳින්නෙමි නිවන අමා මහ
2.10
සාමා ථෙරණිය
37.
පෙර මා සිත තුළ සමාධියක් නැත
දමනය නොකැළකි විය කිසි මොහොතක
නොසන්සුන්ව දිනයකට කිහිප වර
අරණින් බැහැරව නික්ම ගියෙමි මම
38.
එනමුදු අට වැනි රැය ගෙවෙනා විට
තණ්හා ක්ලේශය මුලින්ම සින්දෙමි
අප්‍රමාදවම හැසිරී දහමෙහි
උතුම් නිවන් සුව පිරිසිඳ දුටුවෙමි
නිබඳ ලෙඩ දුකින් වනසට පත් වන
කුණු වී, දුගඳ හමා පිළිකුළ දෙන
මෙ සිරුර දෙස නුව්ණින්ම බලනු මැන
අසුභය, අසුභය බවුන් වඩනෞ මැන
20
"කෙළෙස් රහිත විදසුන් නිති වැඩුමෙන්
සිත පිරි මානය මුලින් සිඳිය යුතු
මානය නැසුමෙන් යථාවබෝධෙන්
තිර ලෙස යපත් දිවියක් හිමි වෙයි"
අප මහ භගවත් ගෞතම මුණිදුන්
නන්දා භික්ඛුණියට ඔවදන් සේ
සසරින් එතෙරෙව නිවන් දකින සේ
දෙසු සදහම් වෙයි, මැනැවින් දත යුතු
2.2 ජෙන්ත නම් රහත් තෙරණිය
21.
සප්ත බොජ්ඣංග බුදු හිමි දෙසු ලෙස
නිවන් පසක් කර ගැන්ම පිණිසමැයි
මම ද එම දහම් පසක් කර ගතිමි
සිතුම් දියුණු කර යහ මග ගත්තෙමි
22.
එදහම විණිවිද බුදු හිමි දුටුවෙමි
මෙය වෙයි මා දරනා අවසන් ගත
සසර ගමන කෙල්වර මම දැක්කෙමි
නොමැටිය යලි ඉපැදෙන භවයක් මට
2.3
23.
සුමංගල මාතා තෙරණිය ගේ ගාථා
මිදුණා, මිදුණා සියලුම කෙළෙසින්
මෝල ගහෙන්, හිමි ගෙන්, තුන් කුදයෙන්
පිසු බත් හැළීද පිළුණු දුඅඳ මැයි
විළිබිය නැති ගහපතිගෙ දුගුණ මෙන්
24.
'චිටි, ච්ටි' හඬිනේ ඇවිලෙන රා, දොස්
දුරින්ම දුරු කෙරුවෙමි මා මනසින්
රුක් සෙවනක හිඬ්හ් ඩ්Hයාන වඩන විට
නොනිම් සුවෙන් සිත සමාධි ගත් වෙයි
2.4
අඩ්ඪකාසී තෙරණියගේ ගාථා
25.
'කාශී' දනව්වට එන අය බදු සේ
කහවණු ලද්දෙමි සිරුර අලෙවි කොට
එයින් අඩක් වටිනා කම් දී මට
නම් කෙරුවෝ 'අභිසාරිකාව' ලෙස
26.
එනමුදු අනියත රූපය අතිරය
කලකිරුනෙමි, රාගය දුරු කෙරු වෙමි
ත්‍රිවිද්‍යාව විනිවිද දැක ගත්තෙමි
සසර මග දිගේ යලි නොම දිව යමි
2.5
චිත්තා ථෙරණියගේ ගාථා
27.
කෘශය, දුබල වෙමි, රෝගී වූයෙමි
ගත වීරිය, ශක්තිය දුරු වී ඇත
එනමුදු ගිජුකුළු පව්වට නැග්ගෙමි
සැරයටියක එල්ලී වීරිය ගෙන
28.
තබා පාත්‍රය මුණින් නවාලා
දෙපට සිවුරු පැත්තකින් තැබූයෙමි
වාඩිවෙමින් ගල් පව්වේ නිසලව
අවිදු කෙළෙස් ගනඳුඅ දුරු කෙරු වෙමි
2.6 මෙත්තිකා ථෙරණියගේ ගාථා
29.
ගෙවී තුරුණු විය, දුබලව සිටියෙමි
අනන්ත, අපමණ දුකින් විඳෙව්වෙමි
නමුදු සැරයැටිය අතකින් දරමින්
ගිජුකුළු මහ පව් තරණය කෙරුවෙමි
පාත්තරය සහ දෙපට සිවුරු ගෙන
පසෙක තබා සන්සුන්ව අසුන් ගෙන
බවුන් වඩා කෙලෙසුන් සිඳ දැමුවෙමි
බුදු සසුනේ මහ ඵලය ලැබූවෙමි
2.7 මෙත්තා ථෙරණිය
31.
දෙව් ලොව ඉපැදෙන්නට පෙර පැතුවෙමි
සතර පෝයටම අට සිල් රැක්කෙමි
32.
නමුදු දුටිමි සත්‍යය පසු කලෙකදි
හිස මුඩු කර පා, සිවුරු දරන්නෙමි
සිත පිරි කෙළෙසුන් සිඳ, බිඳ දැමු මම
නොපතමි යලි දෙව්ලොවක් කිසිදු විට
2.8 අභය මාතා ථෙරණිය
33.
"පින්වත් මෑණියනේ, සිහි නුවණින්
යටි පතුලෙන් උඩ, හිසකෙස් රොද යට
පවතින කුණු වෙන සිරුර බලනු මැන
අතිරය, ව්‍යසනයට පත්වෙන සුළු"
මා පුත් අභය තෙරුන් දෙසු විලසින්
පිරිසිඳ දුටුවෙමි දිවිය නිවැරදිව
රාගය පෙරටුවු කෙළෙස් දැවූයෙමි
නිවී සැනසුනෙමි, සිසිලස් වූයෙමි
2.9
35.
අභයා ථෙරණිය
‘අභයා පින්වත්, සිතන්න මෙසිරුර-
බිඳෙයි, සිඳෙයි පුහුදුන් අය ඇලුණද
එය දැන හඳුනා පිරිපුන් මනසින්
අත් හැර දැමුමයි, නිවනට එක මග’
දුක්, කම් කටොලින් ගහණය මෙදිවිය
අප්‍රමාදවම දහමෙහි හැසිරෙමි
තණ්හා, ආශා අත් හළ විටදී
දුටිමි, හැඳින්නෙමි නිවන අමා මහ
2.10
සාමා ථෙරණිය
37.
පෙර මා සිත තුළ සමාධියක් නැත
දමනය නොකැළකි විය කිසි මොහොතක
නොසන්සුන්ව දිනයකට කිහිප වර
අරණින් බැහැරව නික්ම ගියෙමි මම
38.
එනමුදු අට වැනි රැය ගෙවෙනා විට
තණ්හා ක්ලේශය මුලින්ම සින්දෙමි
අප්‍රමාදවම හැසිරී දහමෙහි
උතුම් නිවන් සුව පිරිසිඳ දුටුවෙමි
Sunday, May 15, 2011
බෝ මළුව සිල් ගනියි
බණ ඇසෙයි
සිත නිවෙයි
සෙත් පිරිත්
පව් තවයි
...
බෝ මළුව
සිල් ගනියි
බෝ පත්ද
බණ දෙසයි
පුස් බැඳුණු
සිල් රෙද්ද
පෙට්ටගම පතුලෙ සිට
සන්ලයිට් කැටයකට
දුක කියයි
සම්බුද්ධ ජයන්තිය
සමරන්න පිළිවෙතින්
ප්‍රතිපත්ති පිදුමකට
සිත නැවෙයි
සිත නිවෙයි
සෙත් පිරිත්
පව් තවයි
...
බෝ මළුව
සිල් ගනියි
බෝ පත්ද
බණ දෙසයි
පුස් බැඳුණු
සිල් රෙද්ද
පෙට්ටගම පතුලෙ සිට
සන්ලයිට් කැටයකට
දුක කියයි
සම්බුද්ධ ජයන්තිය
සමරන්න පිළිවෙතින්
ප්‍රතිපත්ති පිදුමකට
සිත නැවෙයි
Wednesday, May 11, 2011
පාඩගම් පබලු සිනහව
තාරුකා නිවෙයි වැලපෙන
කඳුළු බර වැඩියි
පාරමී සියක් සිත ලඟ
භාවනා කරයි
මාළිගේ සිහින දෙදරූ
ඉරි තැලී වැටෙයි
සාගරේ මදියි උවමට
මා සෙනේ වැඩියි
කන්ද උස නමුදු
පාමුල පිපුණු මල් රුවයි
වින්ද සුවඳ පෙති ගානේ
තවම නොකිළිටියි
චන්ද කින්නරියෙ සඳ ගිර
නුඹට විතරමයි
යන්න ගිය ගමන හැරුණොත්
නුඹට මා පෙනෙයි
පාඩගම් පබලු සිනහව
කවිකමට ලැදියි
සාදු සිත් මඬල
තවමත් පෙමින පබසරයි
හාදුවක් පිපී නළලත
සක්මනක යෙදෙයි
මාධවී කැකුළ සුපිපෙන
වරම, අවසරයි
කඳුළු බර වැඩියි
පාරමී සියක් සිත ලඟ
භාවනා කරයි
මාළිගේ සිහින දෙදරූ
ඉරි තැලී වැටෙයි
සාගරේ මදියි උවමට
මා සෙනේ වැඩියි
කන්ද උස නමුදු
පාමුල පිපුණු මල් රුවයි
වින්ද සුවඳ පෙති ගානේ
තවම නොකිළිටියි
චන්ද කින්නරියෙ සඳ ගිර
නුඹට විතරමයි
යන්න ගිය ගමන හැරුණොත්
නුඹට මා පෙනෙයි
පාඩගම් පබලු සිනහව
කවිකමට ලැදියි
සාදු සිත් මඬල
තවමත් පෙමින පබසරයි
හාදුවක් පිපී නළලත
සක්මනක යෙදෙයි
මාධවී කැකුළ සුපිපෙන
වරම, අවසරයි
Subscribe to:
Posts (Atom)

